මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට නොගැලපෙන වෙබ් අඩවියක යොමුවක් අඩංගුව තිබීමේ සිද්ධියෙන් රට හෝ දරුවන්ට කිසිදු හානියක් සිදු නොවුණු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

“එක ඇත්තටම කුමන්ත්‍රණයක්. දරුවන්ට, රටට කිසිම හානියක් වුණේ නෑ. කවුරුහරි හිතුවා නම් හානියක් කරන්න ඒකත් සිද්ධ වුණේ නැහැ. මේ ක්‍රියාවලිය පදනම් කරගෙන අපේ රටේ අගමැතිනියට පහත් විදියට ගෙනයන මේ අදහස් දැක්වීම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ ඉන්න සියලු කාන්තාවන් මේකට එරෙහිව දැනුවත් කරන්න පාරට බස්සන්න, ඒ වගේම මේ වෙනුවෙන් පෙනී සිටින්න, විපක්ෂය කරන මේ පහත් ක්‍රියාවලිය නවත්වන්න අපි ඔක්කොම එකට එකතු වෙනවා. ඒ නිසා වැඩිය දඟළන්න එපා, කාන්තාවො පාරට බැස්සොත් ඕගොල්ලන්ට හැංගෙන්න තැන් නැතිවෙයි”

සමන්මලී ගුණසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...