2026 වසර අවසානයේ මෙරට නිල විදෙස් සංචිත බිලියන 8ක සීමාවට ලගාවිය යුතුයි – මහ බැංකු අධිපති

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW :

‍2026 වසර අවසානය වන විට මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය බිලියන 8ක සීමාවට ලගාවිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් ඒ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා,

“අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන්වලදී හැමවෙලේම ක්‍රියාත්මක වෙන්නේ රටේ අපි සාකච්ඡා කරන වෙලාවේ තියෙන තත්ත්වය තමා, ඉදිරියේදී කොහොමද වෙන්නේ කියලා යම්කිසි පුරෝකථනයක් කරලා ප්‍රතිපත්ති සහ ඉලක්කවලට එන්නේ. එතකොට යම්කිසි වෙනසක් වුණාම අනිවාර්යයෙන්ම ඉලක්ක වෙනස් වෙන්න ඕනේ. ඒක දෙපැත්තෙන්ම පිළිගත්ත සිද්ධාන්තයක්. 

ඒ අනුව ගත්තහම මේක බලාපොරොත්තු නොවුණ දෙයක් වුණත් දෙසැම්බර් මාසය තුළ කලින් බලාපොරොත්තු වුණ විදියට දෙසැම්බර් 15 වෙද්දි පස්වෙනි සමාලෝචනය සම්පූර්ණ කරන්න. මේ කුණාටුව නිසා රජය ඉදිරිපත් කළා යෝජනාවක් කලින් තිබුණ අයවැය නෙමෙයි ඊළඟ අවුරුද්දට අදාළ, අමතර අයවැය වියදමක් තියෙන්න ඕනේ. ඉලක්ක වෙනස් වෙන්න ඕනේ. ඒ සමාලෝචනය යම්කිසි ආකාරයකින් කල්දැමීමට අවශ්‍යයයි. ඒ සඳහා කාලයක් අවශ්‍යයයි මේ ගැන ඇස්තමේන්තුවක් කරන්න. සම්පූර්ණ සමාලෝචනයක් කරලා තමා ලබන අවුරුද්දෙන් එහාට ඉලක්ක හදන්න ඕනේ. ඒකට අවශ්‍ය කාලය ගන්න තමා අර සමාලෝචනයට තව කල්දීලා ක්ෂණික RFI කියන එක මෙතැනට ගැලපෙනවා. අපිට 2020 දී අපිට කොවිඩ්වල ඕක හම්බවුණේ නෑ. මොකද ණය තිරසරභාවය අපිට තිබුණේ නැති නිසා. 

මේ වෙලාවේ ණය තිරසරභාවය නැවත ලබාගෙන තිබෙන නිසා, ණය ගිවිසුම්ගත වෙන්න ඕනේ නෑ අරක මේක කරනවා කියලා සති දෙකක් ඇතුළත අපිට ඒ අදාළ මුදල ලබාගන්න පුළුවන් අරවට අමතරව.” 

‍ නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ , සුළි කුණාටුව හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සිදුකර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා තෙක්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සමාලෝචනය කල්දැමීමට පියවර ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...