සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව පැවති පළමු එක්දින තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර රැස්කරන ලද ලකුණු 28,016 අභිබවා යමින් විරාට් කෝලි 28,068 වාර්තා කර තිබු අතර එහි ප්‍රථම ස්ථානයේ තවමත් රැඳී සිටින්නේ ලකුණු 34,357ලබාගත් සචින් තෙන්ඩුල්කාර්ය.
වඩෝදර හිදී තරගයේ වීරයා ලෙස නම් කිරීමෙන් පසු කෝලි සඳහන් කර තිබුණේ, මගේ මුළු ගමන දෙස ආපසු හැරී බැලුවහොත්, එය මට සිහිනයක් සැබෑ වීමක් පමණක් බවත්, තමා සෑම විටම සිය හැකියාවන් දන්නා බවත්, අද සිටින තැනට ඒමට විශාල මහන්සියක් වීමට සිදු වූ බව්ටැහැ, දෙවියන් වහන්සේ මට කවදාවත් ඉල්ලන්න බැරි තරම් දේවල් ලබා දී ඇති බවත්ය.

