රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW :
මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජුලි චන්ග් මහත්මිය, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්‌යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ බව වාර්තා වේ.
ජූලි චන්ග් මහත්මිය සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් වී තිබේ.එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්‌යභාරය වෙනුවෙන්ද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡා වලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කරන ලදි.
2022 පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස පත්ව මෙරටට පැමිණි ජුලි චන්ග් මහත්මියගේ සිව් වසරක ධූර කාලය තුළ, අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 75 වන සංවත්සරය ඇතුළු දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ද ඉස්මතු විය.


