දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

Date:

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ කොමිසමේ පස්වැනි පූර්ණ සැසිවාරය ඊයේ (12) චීන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පක්ෂයේ සමස්ත නායකත්වය තහවුරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ඔහු, ඉහළ ප්‍රමිතීන් සහ වඩාත් ප්‍රායෝගික පියවර සමග පක්ෂයේ දැඩි පාලනය ඉදිරියට ගෙන යා යුතු බව ද සඳහන් කළා. මධ්‍යම කාරක සභාවේ වැදගත් තීරණ සහ සැලසුම් වඩාත් අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක කිරීමේදී ආයතනික රෙගුලාසිය තුළ වඩාත් විද්‍යාත්මකව හා ඵලදායී ලෙස බලය සීමා කරමින් දූෂණ විරෝධී අරගලය වඩාත් පැහැදිලිව හා ස්ථිරව ඉදිරියට මෙහෙයවිය යුතු බව ද ඔහු අවධාරණය කළා. රටේ 15වන පස් අවුරුදු සැලැස්මේ ඉලක්ක හා මෙහෙවර ඉටු කිරීම සඳහා මෙයින් ස්ථිර සහතිකයක් ලබා දිය හැකි බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළා.

දූෂණයට එරෙහි සටන, පරාජය නොවිය යුතු සටනක් බවත් වර්තමානයේ දූෂණයට එරෙහි අරගලය සංකීර්ණ වන අතර, දූෂණය ව්‍යාප්ත වීමේ කොන්දේසිය‍ මුලිනුපුටා දැමීමේ කාර්යය දුෂ්කර මෙන්ම අභියෝගාත්මක බව ඔහු පැවසුවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...