උපන් දිනය දා සජිත්ගෙන් බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් තෑගි (VIDEO)

Date:

සුහුරු රටක්, SMART ශ්‍රීලංකාවක් හරහා #SriLankaFirst සංකල්පය ජයගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා යුද්ධ දෙකකට මැදි වී සිටින තත්වයක් තුළ රට භාරගත් රණසිංහ පේමදාස මහතා,දැඩිව විශ්වාස කළ කරුණක් වූයේ කුමන තත්ත්වයක් තත්වයක් යටතේ වුවත් ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් එබැවින් දෙකොන දැල්වෙන විලක්කුවක් ව තිබූ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දුප්පත්කම තුරන් කිරීම, සමාජ ආරක්ෂණය, වැනි ක්‍රමවේද තුළින් එතුමා රට ස්ථාවර මට්ටමකට රැගෙන ආ බවත්, තමන් අද පාසල් පද්ධතිය ගොඩ නැංවීම වෙනුවෙන් කටයුතු කරන විට ඇතැමුන් තමා නිකම් බෙදමින් යන බවට චෝදනා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය වෙනස් කිරීමට නම් නගරය සහ ගම යන දෙකටම පහසුකම් සැලසිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එය මූලික වශයෙන් අධ්‍යාපන ඉලක්ක කරගෙන සිදු විය යුතු බවද පැවසීය.

සක්වල හරහා කරනු ලබන, බස්රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් මාලාවේ හැට නව වන අදියර ලෙස රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයට ඊයේ (12) පරිත්‍යාග කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපන් දිනය ද ඊයේ දිනට යෙදී තිබුණු අතර එහිදී ඔහු සිහිපත් කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිය උපන් දිනය වෙනුවෙන් ගම්මුදාව හරහා දින 12ක සංවර්ධන ක්‍රියාවලියක් සිදුකළ බවය.

රටට අලුත් සංවර්ධන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ඒත් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව සිදු විය යුතු බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

වාර්ෂිකව පාසැල්වලට ප්‍රවාහන වියදම් සඳහා ලක්ෂ ගණන් මුදල් දරන්නට සිදුවීම හේතුකොටගෙන දරුවන් මෙන්ම දෙමව්පියන් ද බරපතළ අපහසුතාවයකට පත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා සී ඩබ් ඩබ් ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට එය ඉවහල් නොවන බවද පැවසීය.එබැවින් මේ තත්ත්වයට තත්ත්වයට විසඳුමක් ලබාදීම පිණිස අවශ්‍යතාවය පරිදි පාසල් වලට බස් රථ ලබා දීමේ වැඩසටහන සක්වල හරහා ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි කටයුතු වලට පවා ඇතමුන් නිග්‍රහ කරන බවද පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...