*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ජනතා සන්ධානයක් වෙනුවට ගෝත්‍ර හවුලක් : “හෙලිකොප්ටර් සන්ධානය”

තවත් ගෝත්‍ර හවුලක් නිර්මාණය වී ඇත. එය සියළු සටකපටකම්, ගෝත්‍රිකකම්, අමනකම් එක්කොට ගැටගැසුන නරුම හවුලකි. එය ලොව සියළු දුෂ්ඨකම් එකට එකතුකල පැන්ඩෝරාගේ පෙට්ටිය වන්වූ දුෂ්ඨත්වයේ මෘත කළේබරයකි.

මෙහි එක් පාර්ශ්වයක ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. සිරිසේන යනු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම බලලෝබී කපටි හිවලෙකි. තමා ලේඛම්දූරය හා ඇමති දූර දැරූ රාජපක්ෂ කඳවුර 2015දී පවාදී එජාප ප්‍රමුඛ සන්ධානයට පැනගත් ඔහු එ.ජා.ප. සන්ධානයෙන් ජනාධිපති විය.

අනතුරුව ඔහුගේ දූර කාලය අවසන්වන විට නැවත ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් තමා ජනාධිපති දූරය දැරු එ.ජා.ප. සන්ධානය පවාදී නැවත රාජපක්ෂ පිලට පැන්නේය. එහිදී ඔහු රාජපක්ෂලාගේ මාස් ගැලරියට ආතල් දීම සඳහා රාජ්‍ය නායකයෙකුට නොවටිනා ලෙස එ.ජා.ප. පිලට සමනල් පිල යැයි කියා අපහාස කලේය. එහිදී ඔහු අපෙක්ෂාකල ජනාධිපති දූරය ගැස්සුන විට දන්නා සියළු දහංගැට දමා ශ්‍රී.ල.නි.ප. පිල ක් අටවාගෙන මහින්ද කඳවුරෙන්ම පාර්ලිමේන්තුවට රිංගාගත්තේය.

මොහු පාස්කු ප්‍රහාරය තුල වගකීම් පැහැර හැරි චූදිතයෙක් වන අතර මේ දක්වාම රාජපක්ෂලාගේ රැකවරනයෙන් දඬුවමෙන් බේරී සිටියෙකි. ගෝඨාබය ඔහුගේ පාලන කාලය අවසන් වීමට පෙර ජනතාව විසින් ඔහුව පන්නා දැමුවද සත්‍ය ලෙසම දූරය අවසන්වීමට පෙර පන්නා දැමිය යුතුව තිබූ පාලකයා මෛත්‍රීපාලය. වර්තමානයේ රටේ උත්ගතව ඇති බොහෝ අර්බූද වියවුල්වලට මුල් අඩි තාලම වැටුනේ මෛත්‍රීපාලගේ සමයේදී බව දන්නෝ දනිති.

ඔහු ජනාධිපති දූරයට පැමිණියේ පොලොවෙන් මතුවූ සරළ මිනිසා ලෙසය. නමුත් අවසානයේ ඔහු යනවිට පැජට් පාරේ කෝටි අටසීයක් වටිනා නිල නිවසද ගෙදර රැගෙන ගියේය. අන්තිමේදී බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිස්සු විකාරයක් බවටම පත්කලේ මහින්ද විසින් නොව මෛත්‍රීපාල විසිනි. මෛත්‍රීපාල ඉතා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ සිටියද සැබැවින්ම ඔහු කවුරුන්ද යන්න හෙලිවූයේ 2015 ජනාධිපතිවරණයෙන් ඔහු ජයලැබීමෙන් පසුවය.

ඔහු බලය පිලිඹඳ නොසන්සිඳෙන තන්හාවකින් පෙලෙන මුග්ද හිවලෙකු මිස ආර්ථික විද්‍යාව ගැන හෝ ගෝළීය දේශපාලන ගැන හෝ දන්නා යහපත් පෞරුෂයක් හිමි අයෙක් නොවීය. මහ පොලොවෙන් මතුවූ සරළ මිනිසා යන තේමාවෙන් ආරම්බවූ ඔහුගේ දූර කාලය එහි අවසන බාගය වනවිට කුණු ගොඩකින් මතු උන බිම් පනුවෙකු බවට ඌනනය විය.

මේ හවුලේ ඊළඟ හවුල්කරු විමල් වීරවංශය. ඔහුට ලාංකීය දේශපාලනය තුල නමක් සාදාගැනීමට හැකිවූයේ ඔහු සතුව ඇති ඕනෑම ගෝත්‍ර වාදයක් අවදිකල හැකි මුකරි කට නිසාය. ජ.වි.පෙ. ලුම්පිත ගැලරිය පමණක් නොව මහින්දගේ ජාතිවාදී ඕඩියන්ස් එක පවා මනමෝහනයට පත් කල හැකි ජාතිවාදී සාහිත්‍යයක් ඔහු සතුව තිබින. මේ හේතුව නිසාම ඔහු ජ.වි.පෙ. ය හැරදා ගියවිට ජ.වි.පෙ.ය බරපතල නාය යෑමකට ලක්විය.

ජ.වි.පෙ.ට අදටත් ලුම්පන් ගැලරිය කුලප්පුකර නැගිට්ටුවාගත හැකි එවන් ත්‍රාඩ සීනුවක් සොයා ගැනීමට නොහැකි වී ඇත. ජ.වි.පෙ. ය පමණක් නොව මහින්ද පවා වර්ගවාදය හා යුධවාදය වෙත ඇදගෙන ගිය මතවාදී වාහකයා ඔහුය. ලංකාව අද මෙවන් විපතකට ඇද වැටීමට ඔවුන් වැනි දේශපාලන වාචාලයන් විසින් කාලයක් තිස්සේ වැපිරූ විනාශකාරී මතයන්ද බලපෑවේය.

ඔහු ජ.වි.පෙ.ට මෙන්ම මහින්දටද හමුවූ අපාය සහායක මිත්‍රයෙකි. ජීවිතයේ ළමා කාලයේ අපා දුක් විඳි මිනිසුන් වැඩුනු මිනිසුන් වූවිට ඔවුන් ජීවිතයේ කෙළවරක් නැති ඇරියස් සහිත මිනිසුන් බවට පත්වේ. මොහුද එවැන්නෙකි. යම් හෙයකින් මොහු රටේ රාජ්‍ය නායකයා වුවහොත් ඔහුගේ ළමා කාලයේ ඇරියස් වෙනුවෙන් සමස්ථ ජාතියටම බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇත.

මෙහිදී කවුරුත් දන්නා පරිදි ඔහු දේශපාලනයට පැමිණියේ තුත්තිරි ගස් අල්ල අල්ලාය. නමුත් අද ඔහු ප්‍රකෝටි පතියෙකි. ජ.වි.පෙ.අනන්‍යතාවය විකුණා කෝටිපතියන්වු අයවලුන්ගේ නම් ලයිස්තු ගත කලොත් එහි මුලින්ම සිටිය යුත්තේ මොහුය.

පොහොට්ටු ආන්ඩුවෙන් ගතහැකි සියළු වරදාන වරප්‍රසාද සහ අයතා ධනය සියල්ල ලබා ගත් අවසානයේ පොහොට්ටුවට කෙළවුන බව දැනුන සැනින් පොහොට්ටුවෙන් එළියට පැන පොහොට්ටුව විවේචනය කරන මොහු පොහොට්ටුව මෙන්ම රටද වලපල්ලට යැවීම සඳහා මතවාද සම්පාදනය කල චෞර විලෝපිකයෙකි. වීරවංශ ගැන පොතක් ලියන්නේ නම් පතොරංග ජාතකයට වඩා දිගු පොතක් වුවද ලිවිය හැකිය. ඒ පොත රටක් වැනසිය හැකි මිනිසුන්ගේ චරිත ලක්ෂන වලින් හා ගතිකයන්ගෙන් පිරී පවතිනු ඇත.

මේ හවුලේ අනික් ප්‍රධාන චරිතය ඩලස්ය. ඩලස් හා විමල් යන දෙදෙනාම පැමිණියේ එකම තැනකිනි. ඩලස් යනු පරණ සාහිත්‍ය කෑලි ටිකක් පමණක් ඇති ඒ හැර වෙන කිසිදු දෙයක් නැති හිස් පඹයෙකි. ජාතික සමඟිය ගැන ව්‍යාජ මානුෂවාදී සාහිත්‍ය දෙසාබාන මොහු එක වතාවක් ජාතික කොඩියේ අන් ජනවාර්ගවලට වෙන්වූ තීරු ඉවත්කල තනි සිංහයාගේ කොඩිය රැගෙන ගම්මන්පිල සමඟ පෙළපාලි ගිය අයෙකි.

වසර ගනනාවක් මහින්දගේ සියළු ගෝත්‍ර අනපනත් වෙනුවෙන් ඔහු අත ඉස්සුවේය. නමුත් කොපමණ කඩේ ගියද ඔහුට මහින්දගෙන් යහමින් හම්බකරගන්ට හැකි අමාත්‍යාංශයක් නොලැබිනි. ආන්ඩුවේ ජනප්‍රියත්වය පිරිහී සියල්ල කෙලවූ අවසානයේ සිදුවු ඩලස්ගේ නික්ම යාමට හේතුව මහින්ද ඔහුට හරිහම්බ කරගත හැකි අමාත්‍යාංශයක් නොදීමේ ඇරියස් එකද විය හැකිය. බොහෝදුරට මොහු මෙලෝ රහක් නැති පතෝල කුළකයට අයත් දේශපාලකයෙකු ලෙස වර්ගීකරණය කල හැක.

මේ හවුලේ තවත් පාර්ශව කරුවෙක් වන ගම්මන්පිල මේ තිදෙනාටම වඩා අන්ත නරුම ජාතිවාදියෙකි. ඔහු තමා සිංහල වර්ගවාදය වෙනුවෙන් පෙනීසිටින බව අමුවෙන්ම කියා සිටින්නෙකි. සිහළ උරුමය වැනි අන්ත ජාතිවාදී පක්ෂ රට තුල නිර්මාණය කලේ පාඨලී චම්පික රණවක විසිනි. නමුත් පසුකාලීනව චම්පික රණවක යම් තරමක ශිෂ්ඨ දේශපාලනයකට පිවිසීමත් සමඟ එකී නරුම දේශපාලනයේ උරුමය කරගසාගෙන යමින් සිටින්නේ ගම්මන්පිල විසිනි.

රට වර්ගවාදී යුද්ධයට ඇදගෙන ගිය සහ රට බංකොලොත් කල සහ වනචාරී මත රෑ දවල් දෙකේ රට තුල වැපිරූ සෑම සියළු දෙනාම මේ ගෝත්‍ර හවුල තුල ඇත. පසුගිය සමයේ ජාතිවාදී අමුකැලෑ ගිනි තැබූ, වඳ කොත්තු, වඳ සැත්කම් නාටකවල අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, නළුවන්, හඬකවන්නන් ඒ සෑම සියළු දෙනාද මේ හවුල තුල සිටී. සමස්තයක් ලෙස ගත්කල මේ හවුලට ලංකාව තුල බලයට පත්වෙන බලවේගයක් විය නොහැකිය. නමුත් බලය වෙනුවෙන් මොවුන් බිමේ වගුරුවන විෂකුරු අදහස් සමාජය මතවාදී නරා වලක් කරා තවතවත් තල්ලුවී යාමට බලපානු ඇත.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan