රූපවාහිනියේ විදුලිය විසන්දි වූවාද…

Date:

නොවැම්බර් මස පමණක් රූපවාහිනී සංස්ථාවේ විදුලි බිල රුපියල් ලක්ෂ පනස් පහ ඉක්මවා ඇති අතර , විදුලි බිල නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය පැවසීය .

නමුත් , විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කල ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලි බිල ගෙවීමේ පොරොන්දුව සහ එකඟතාවක් මත විදුලිය විසන්දි වීමෙන් පැය පහ හමාරකට පසුව යළි විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

මෙලෙස විදුලිය කැපීම හේතුවෙන් රූපවාහිනී විකාශ කටයුතු විදුලි ජනන යන්ත්‍ර මඟින් ක්‍රියාත්මක කළ බවත්, මේ සඳහා ඩීසල් පිරිවැය ලෙස රුපියල් දෙලක්ෂ අසූ නව දහස් පන්සිය හැත්තෑ පහක මුදලක් වැය වී ඇති බවත් රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි. එම විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරිමේදි පැයකට ඩීසල් ලීටර් එකසිය තිහක් වැය වන අතර, පැය පහමාරක් සඳහා ඩීසල් ලීටර් හත්සිය පහළොවක් වැය වී තිබේ.

විදුලි බිල නොගෙවා ඇති ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයන්ටද මෙම විදුලිය විසන්ධි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

විදුලිය පාවිච්චිය පමණක් නොව එය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට ද සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක්ම වගබලා ගත යුතුය ..

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...