*
Monday, October 14, 2024
spot_img

Latest Posts

යළි උපද්දමින් තිබෙන රග්බි රිද්මයට ලලනාවෝද එක් වෙති

වසර ගණනක සිට කොවිඩ් වැනි වසංගත තත්ත්වයන් නිසා ද,ඊට පෙර පැවති යම් යම් පසුබෑම් නිසා ද,නැවති තිබුණ සියලු මට්ටමේ රගර් තරගාවලි ක්‍රියාත්මක කිරීමට 2022/2023 වසර සඳහා පත් වූ රගර් සභාපතිවරයා වූ රිස්ලි ඉල්ලියාසේගේ ආශිර්වාදය ඇතුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රගර් ජාතික පිරිමි රගර් ලීග් තරගාවලිය අතරේම ඊට පෙර කාන්තා දස සාමාජික රගර් තරගාවලිය පවත්වා අවසන් කරන්නට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා රගර් තරගාවලි වසර සේ මේ වසර නම් කර ගනිමින්,අමාත්‍යංශයේ සහයකින් තොරව අනුග්‍රාහකයන් සොයා ගනිමින් වසර කිහිපයක සිට ස්වාධීනව ජාතික මට්ටමේ රගර් දියුණුවට අවශ්‍යය වටපිටාව සකස් කිරිම සඳහා ප්‍රාදේශීය වශයෙන් ද රගර් තරගාවලි පවත්වමින් ක්‍රියාත්මක වෙමින් ඇත.ඒ හිටපු සභාපතිවරුන් ඉතුරු කර ණය කන්දේ බර හෙමින් අඩු කරමින් ද,ජාත්‍යන්තර වශයෙන් රටම අපහසුතාවයට පත් කරමින් කරන ලද අනීතික ක්‍රියාවලට දඩ වශයෙන් ගෙවන්නට තිබෙන පවුම් 5000 ක මුදල වාර්ශිකව ගෙවමින් ද ක්‍රීඩාව සහ පරිපාලනය යහපත් මට්ටමට කළමණාකරනය කරමින්ය.
නමුත් එසේ නිදහස් වීම වෙනුවට දේශපාලන බල අධිකාරිය සහ අමාත්‍යංශ පාලනාධිකාරිය ඔවුන් යටතේ වැටී සිටින්නන්ට කැමත්තක් ඇති නිසාදැයි සැක උපදවන මට්ටමෙන් දිගින් දිගටම රගර් පරිපාලනයට බාධා කරමින් ඇත.හිටපු අමාත්‍යවරයාගේ සමයේ ඇරඹි මේ බාධා කිරීම් පිටුපස ශ්‍රී ලංකා රගර් හී සිටි චරිත ද සිටින අතර ඔවුන් ණය වෙමින් හෝ දේශපාලන අධිකාරියට සමීපව ඔවුන්ගේ ප්‍රතිරූප වෙනුවෙන් රගර් කාලය වැය කරන්නට කැමති වූවෝ වෙති.වර්ථමානයේ මේ තත්ත්වය වෙනුවට රටේ රගර් සමඟ බැඳුන සමාජය සමඟ පෙරට යන ශ්‍රී ලංකා රගර් වෙත දමනු ලබන වෙට්ටු මැද රටේ රගර් හී තරගකාරීත්වය පතල කිරීමට ගන්නා උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස හැඳින්විය හැකි කාන්තා දස සාමාජික රගර් තරගාවලයේ පළමු තරගය අද (ජනවාරි 13) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවත්විමට කටයුතු යොදා ඇත.
ජනවාරි 13 දා පස්වරු 2.45 ට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී ශානිකා මධුමාලි නායකත්වය දරණ නාවික හමුදා කණ්ඩායමත්,චර්නි ලියනගේ නායකත්වය දරන යුද හමුදා කණ්ඩායමත් පළමු තරගයේදී හමුවීමට නියමිතව ඇත.ජනවාරි 15 වන දා ගුවන් හමුදා පිටියේදී පස්වරු 2.45 ට මුණ ගැසෙන්නේ ගුවන් හමුදා කණ්ඩායම සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමය.ගුවන් හමුදා කණ්ඩායමට නායකත්වය දෙන්නේ අනුශිකා සමරවීර ය.සීආර් නායිකාව කාංචනා මහේන්ද්‍රන් ය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan