බැංකු 11ක් ෆිච් රේටින්වලින් පහතට! (VIDEO)

Date:

ෆිච් රේටින් මඟින් මෙරට බැංකු 11ක් පහතට හෙළා ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

එම ලැයිස්තුවට පෞද්ගලික අංශයේ බැංකු මෙන්ම රජයේ බැංකුද ඇතුළත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු ඇතිවන බව පැවසූ ආර්ථික වර්ධනයට කුමක් සිදුව ඇත්දැයි යන්න ප්‍රශ්නයක් බවයි මරික්කාර් මහතා පවසන්නේ.

මෙලෙස බැංකු පහතට වැටීම තුළ ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකි වීමෙන් අත්‍යවශ්‍ය ඖෂධ,ආහාර වැනි දෑ ගෙන්වා ගැනීමට නොහැකි වන අතර මේ හරහා නිෂ්පාදන ආර්ථිකය බිමට සමතලා වන බව හෙතෙම අවධාරණය කරයි.

ඒ අනුව දැන් හෝ මේ වැඩ බැරි ටාසන්ලා ගෙදර යා යුතු වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අද (13) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළකළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රශ්නය විසදන්න අලි වැටත් එක්කම අලි කොරිඩෝවක්!

කොළඹ LNW:අලි ගම්වැදීම වැලැක්වීම වෙනුවෙන් මාදුරු ඔය වන උද්‍යානයේ...

වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : වහාම ක්‍රියාත්මක වන...