සටහන – රෂිකා හෙන්නායක.
ජනවාරි 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානයේ පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ Lai Ching-te ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
නව ජනාධිපතිවරයා තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ පවතින තත්ත්වය ආරක්ෂා කිරීමට සහ දිවයිනේ ආරක්‍ෂාව ඉහළ නැංවීමට තමන් කැපවී සිටින බවට ප්‍රකාශ කර ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවානයේ දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින්, ප්‍රධාන විපක්ෂ අපේක්ෂක, Kuomintang (KMT) හි Hou Yu-ih පරාජය පිළිගෙන ඇති බවද සඳහන් වේ.