චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබිණි.

මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

තවද මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...

බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට!

කොළඹ LNW:බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත...

‘පස් දිලීප’ ඉලක්ක කර වෙඩිල්ලක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW : අද (13)...

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...