කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, එම මන්ත්‍රීවරිය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.

දින 14ක් බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් සහ මහලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි ද නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...