” Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW :

දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණුන් ” Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක් 2026 ජනවාරි මස 15 දින දඹුල්ල පැල්වෙහෙරදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙහිදී සංචාරකයින්ට ආපනශාලා පහසුකම් භුක්ති විදිමින් දඹුල්ල,සීගිරිය කලාපය තුළ සංචාරය කිරීමට අවකාශය සලසා දී තිබේ. මෙම බස් රථය පැල්වෙහෙරින් ගමන් ආරම්භ කර දිගම්පතහ, කිඹිස්ස, සීගිරිය, ඉනාමළුව හරහා නැවත පැල්වෙහෙර දක්වා පැමිණීමට සැලසුම් කර තිබේ.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙම සංකල්පය භාවිත කරන අතර දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට ප්‍රවේශවන සංචාරකයින්ට මෙය අලුත් අත්දැකීමක් එක් කරයි.

මධ්‍ය පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම මත මෙම “Dambulla Bustaurant” ක්‍රියාත්මකවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...

1800 ගණන්වල රජකම් කළ දෙවන ඉසබෙලා රැජිනට පසුව ස්පාඤ්ඤයේ සිහසුනට පත්වන පළමු මහාරාජිනිය…Princess Leonor

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ ඔටුන්න...