බූස්ටර් එන්නත ලබා ගත යුත්තේ ඇයි…?

0
449

ලංකාවේ මිලියන 16 ක් එක් එන්නතක් හෝ ලබාගෙන ඇත.. එන්නත් දෙකම ලබාගෙන ඇති ජනගහණය මිලියන 14 කි. එය 70% ක ප්‍රතිශතයකි.

එහෙත් මේ වන විටත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තෙ මිලියන 4.6 කි.
මේ වන විට එන්නත්කරණය අතින් ශ්‍රි ලංකාව රටවල් 194 අතින් 03 වෙනි ස්ථානයට පත්ව ඇත. ( අපට එන්නත් ලැබෙන්නෙ 2022 අග වන විට ලෝකයෙ බලවත් රටවල් ලබා ගත් පසුව කියලා විපක්ෂය කිව්වා මතකයි )
ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳීමෙ වේගය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 500 ගුණයකින් වැඩිය.
එක් උදාහරණයක් පමණක් දෙන්නම්. ඕස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා රෝගීන් ප්‍රමාණය ලක්ෂ 11 කි. එයින් ලක්ෂ 01 ක් හමුවන්නෙ ඊයේ දිනයේය.
ඔමික්‍රෝන් ප්‍රභේදයට රෝහල් ගත වීමේ සම්භාවිතාව 50% කින් අඩු වෙනවා. මෙය සාධණීය තත්වයකි.
බුස්ටර් එන්නත ලබාගත් පුද්ගලයන් 90% ක් රෝහල් ගතවීම අඩු වෙනවා.
ඒ කියන්නෙ රෝගය වැළඳෙන අයගෙන් 10% කට පමණයි රෝහල් ගත වීමට සිදු වන්නෙ..
එන්නත් දෙකම ලබා ගත්තත් කොවිඩ් රෝගය වැලඳීමෙ සම්භාවිතාව 50% යි.
අපි තෙවන එන්නත ලබා ගත යුත්තේ ඇයි..?
වෛරසයකට දෙන එන්නත් වල ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය කාලයත් සමග අඩුවෙනවා. මෙය සාමාන්‍ය සිද්ධියක්.
එන්නත ලබාගෙන මාස 03 ක් පමණ වන විට ප්‍රතිදේහ වල අඩු වීමක් පෙන්නුම් කරනවා..
එන්නත් දෙකම ලබාගෙන පලමු මාස 03 ඇතුලත රෝහල් ගත වීම 10% කි. මාස තුනක් ඉක්ම ළුඌ පසු එය 30% දක්වා වැඩි වේ. දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස 06 කට පසු රෝහල් ගතවීමෙ සම්භාවිතාව 50% කි.
බූස්ටර් එන්නත ලබාගැනීමෙන් පසු රෝගය වැළදීමෙ ප්‍රතිශතයද 50% කින් අඩු වේ.

ඔබට මේ වන විටත් ඔබට කොවිඩ් වැළඳී ඇත්නම් මාස 06 ක් යනතුරු බූස්ටර් එන්නත ලබා ගත යුතු නැත.

මතක තබාගන්න නවතම ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදයක් ද හමු වී ඇත. එම නිසා බූස්ටර් එන්නත නොපමාව ලබා ගන්න.

නිලන්ත සත්සර ගමගේ Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here