සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 70 වැනි බස් රථය තණමල්විල මධ්‍ය මහා විද්‍යාලයට

0
438

රටේ දරු දැරියන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන “සක්වල” වැඩසටහන යටතේ තණමල්විල මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීම ඊයේ (13) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙය සක්වල වැඩසටහන යටතේ සිදුකෙරිණු 70 වැනි බස් රථ ප්‍රදානයයි. මෙම බස් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් වේ.

RN