ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ලබාගන්නැයි අධිකරණ නියෝගයක්

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට ඊයේ (13) නියෝග කළේය.

ඒ, පසුගිය ජුලි 09 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතීඥවරුන් පෙන්වා දුන්නේ අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වන අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගේ කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් මෙතෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවයි.

ඒ අනුව අදාළ මුදල් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය නියෝග කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...