නාවික සෙබළු දිනයි සෙබළියෝ පරදියි

Date:

නිපොන් ජාතික රග්බි ලීග් සූරතාවය යටතේ වැලිසර දි පැවති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 41 – 30 ක් ලෙස ජය ලබන්නට නාවික හමුදාව සමත් වුණා.එම තරගයට පෙර රග්බි පරිපාලනයේ සියලුම තරගාවලි පැවත්වීමේ සංකල්පය යටතේ ඇරඹි කාන්තා දස සාමාජික රගර් තරගයේ දී මංගල තරගයට සහභාගි වූ නාවික හමුදා කාන්තා කණ්ඩායම යුද හමුදාව ඉදිරියේ 22 – 26 ක් සේ පරාජයට පත් වුණා.


කාන්තා දස සාමාජික තරගාවලියේදී නාවික හමුදාව සහ යුද හමුදාව අතර පැවති තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට සමත් වූයේ නාවික හමුදා කණ්ඩායමේ ශානිකා මුදොලි යි.නමුත් ඇය උත්සාහක දිණුම ලබා ගැනීමෙන් ඉනික්බිති, යුද හමුදාව ඊට ප්‍රතිචාර දක්වමින් නැවත තරගයට අවතීර්ණ වුණේ නිසංසලා පියුමි රැස් කරන ලද උත්සාහක දිණුම හරහායි. නායිකා චරිනි ලියනගේ එහි ප්‍රවර්ථනය ද සාර්ථක කර ගත් බැවින් යුද හමුදාව ඉදිරියට පැමිනි අතර තරගය පුරාවට ඔවුන් උත්සාහක දිණුම් හතරක් එක් කර ගනු ලැබුවා.ඉන් තුනකම ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට චරින් සමත් වූ අතර උත්සාහක දිණුම් දෙක බැඟින් නිසංසලා පියුමි සහ අයේෂා කළුආරච්චි අතර බෙදී ගියා.
නාවික හමුදා කාන්තා ක්‍රීඩිකාවන් ද උත්සාහක දිණුම් හතරක් එක කරනු ලැබුවා.ශානිකාට අමතරව සමන්තා ජයමාලි එකක් සහ සන්දිකා හේමකුමාරි දෙකක් ද බැඟින් උත්සාහක දිණුම් ලබා දුන්නා.ඉන් එක් උථ්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට ද ශානිකා සමත් වුණා.

පිරිමි තරගයේ දී නාවික හමුදාව සහ යුද හමුදාව අතර තරගයේදී නාවික හමුදාව වාර්තා කළ ලකුණු 41 ට උත්සාහක දිණුම් හයක් අයත් වුණා.ඉන් හතරකම ප්‍රවර්ථන සාර්ථක වී තිබුණා.එක් නිදහස් පහරකින් ද නාවිකයන් ලකුණු 41 පෝෂණය කරනු ලැබුවා.උත්සාහක දිණුම් හයෙන් තුනක්ම ලබා ගත්තේ හර්ෂ මධුරංග යි.තනූජ මාළිම්බඩ උත්සාහක දිණුම් දෙකක් ලබා ගන්නට සමත් වුණ අතර ලහිරු හේරත් එක් උත්සාහක දිණුමක් ලබා ගත්තා.නිදහස් පහරින් නාවික හමුදාවට ලකුණු එකතු කර දුන් තිළින වීරසිංහ එක් ප්‍රවර්ථනයකට ද දායකත්වය ලබා දුන්නා.සැමුවෙල් මධුවන්ත උත්සාහක දිණුම් තුනක ප්‍රවර්ථන සාර්ථක කර ගත්තා.


යුද හමුදාව ලබා ගත් ලකුණු 30 න් උත්සාහක දිණුම් හරහා එකතු වූ ලකුණු 20 ක් තිබුණා.ඉන් උත්සාහක දිණුම් දෙකක් ලබා ගැනීමේ ගෞරවය අශාන් බණ්ඩාරට හිමි වුණා.සුදාරක දික්කුඹුර සහ විනෝද් කුමාර් ද එක් උත්සාහක දිණුම බැඟින් ලබා ගැනීමට සමත් වුණා.ප්‍රවර්ථන දෙකක් සාර්ථක කර ගනිමින් සහ නිදහස් පහර දෙකක් නිවැරදි එල්ලයට යොමු කරමින් යුද හමුදාව වෙනුවෙන් ලකුණු එකතු කරන්නට ඉසුරු මැදගෙදර සමත් වුණා.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...