*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

පාපන්දු ඡන්දෙ ෆවුල් ගොඩයි

පාපන්දු නිලවරණය ශ්‍රී රංගාට ජය හිමිවෙමින් අවසන් විය.නමුත් එහි විරෝධතා රැසක් මතු වූ සහ ඉදිරියටත් මතුවෙන නිලවරණයක් වනු ඇත.විශේෂයෙන්ම තරග කිරීමට අවස්ථාව නො’ලද ජස්වර් උමාර්ගේ පාර්ශවය මීට එරෙහිව අධිකරණයට යනු නිසැකය.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාව සිටි ජස්වර් උමාර්ට අමාත්‍යවරයා විසින් පත් කළ අභියාචනා මණ්ඩලය විසින් තරග කිරීමට නොහැකි ලෙස දුන් තීරණය, නිලවරණ කමිටුව පිළිගත් බැවින් ජස්වර්ට තරග කිරීමට නොහැකි විය.ඒ වෙනුවට ශ්‍රී රංගා ට එරෙහිව ජගත් රෝහණ ඉදිරිපත් වුව ද,රංගාට ඡන්ද 27 ක් සහ ජගත්ට ඡන්ද 24 ක් ලැබෙමින් සභාපති ධූරය තීරණය විය.

ජස්වර්ට නිලවරණයට ඉදිරිපත්වීම වැළක්වීම සිදු වී ඇත්තේ මීට ඉහත එම තීරණය ගත යුතුව තිබුණ වාර්තාවක් පදනම් කරගෙනය.නමුත් ව්‍යවස්ථාව වෙනස් නොකිරීම,නිලවරණය නො’කැඳවීම වැනි කාරණා ගණනාවක් සිඳුවෙමින් තිබියදී,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,ක්‍රීඩා අමාත්‍යංශය හෝ ක්‍රීඩා අමාත්‍යවරයා එවැනි තීරණයක් ගැනීම වෙනුවෙන් මැදිහත්වීම වෙනුවට තව දුරටත් ජස්වර් ඇතුළු පරිපාලනයට ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නේය.

අවසානයේ අමාත්‍යවරයා ක්‍රීඩා පනත සංශෝධනයකට දක්වා අනවශ්‍ය දුරකට එය රැගෙන ගිය අතර,මේ වන විට එය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ද නොසතුටට හේතු වී ඇත.ජස්වර්ට නිලවරණයට ඉදිරිපත්වීම වැළක් වූ තීරණය ද,ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුවක් මඟින් ගත් බව,නිලවරණ කමිටුව දැනුවත් කිරීමේදී ද,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර ඇත.මෙය ජාත්‍යන්තර පාපන්දු පරිපාලනය නොසතුටට පත්වන තීරණයකි.

එසේම මෙම නිලවරණ අවස්ථාවට කොළඹ මහා නගර සභාවට අදාළ ඡන්දය දැමීම සඳහා නගරාධිපති රෝසි සේනානායක පැමිණීම ගැන ද විරෝධයක් එල්ල වී ඇත.එය ද ඉදිරියේ කොළඹ නාගරික ක්‍රීඩා සමාජයේ ව්‍යවස්ථාව සමඟ නීතිය ඉදිරියේ සාකච්ඡාවට ගැනෙනු ඇත.ඒ අනුව මෙම නිලවරණය ඉදිරියේදී දේශීය අධිකරණය තුළ මෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලන පරිපාලනය තුළ ද සාකච්ඡාවට ලක්වෙනු ඇතැයි සිතිය හැකිය.

ජස්වර්ට එරෙහි පාර්ශවයන් සැබෑ පාපන්දු ප්‍රායෝගික ක්‍රියාකාරිකයෙක් එම පුටුවට ගෙන ඒම වෙනුවට “හොටු ගෑණි දී කැහි ගෑණි ගැනීමේ’ පිළිවෙතකට පිවිසීම,ක්‍රීඩා පරිපාලකයන් නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක නොවීම නිසා වැනි කරුණු ගණනාවක් මේ නිලවරණය නීතිය ඉදිරියේ ප්‍රශ්න කරන තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකිය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan