ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට විනය පරීක්ෂණයක්!

Date:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් මූලස්ථානය බැඳී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් මූලස්ථානයට ලැබුණු අතර, එය පොලිස් නීති අංශයටද යොමු කර තිබේ.

ඒ අනුව ඉදිරි සතිය තුළ විනය පරීක්ෂණය ආරම්භ කර ඔහු සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිස් කොමිෂන් සභාවට යොමු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව ක්‍රියාත්මක කර, ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්වත් කිරීමටද පියවර ගැනීමටද තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...