ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට විනය පරීක්ෂණයක්!

Date:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් මූලස්ථානය බැඳී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් මූලස්ථානයට ලැබුණු අතර, එය පොලිස් නීති අංශයටද යොමු කර තිබේ.

ඒ අනුව ඉදිරි සතිය තුළ විනය පරීක්ෂණය ආරම්භ කර ඔහු සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිස් කොමිෂන් සභාවට යොමු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව ක්‍රියාත්මක කර, ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්වත් කිරීමටද පියවර ගැනීමටද තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...