එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න එරට විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශය වෙත අක්ත පත්‍ර භාර දෙයි

0
448

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා විසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේ ප්‍රොටොකෝල කටයුතු සඳහා වැඩබලන සහකාර උප ලේකම් අබ්දුල්ලා මොහොමඩ් ඇල්බ්ලූකි මහතා වෙත අක්තපත්‍ර භාර දීම ඉකුත් දින සිදුවිය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්වීපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව තානාපතිවරයාට ඔහුගේ රාජකාරී කටයුතු සාර්ථක වන මෙන් ඇල්බ්ලූකි මහතා විසින් සුභපතන ලදී.

එකසත් අරාබි එමීර් රාජ්‍යයේ නායක අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් සහියන් ගේ දූරදර්ශී ප්‍රතිපත්තිය යටතේ කීර්තිමත් කලාපීය සහ ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව ඇති රාජ්‍යයක් තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කිරීමට ද උදය ඉන්ද්‍රරත්න මහතා අමතක නොකළේය‍.

MIAP