*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

රෙජිනෝල්ඩ් කූරේ – අමතකව තිබු කෙටි මතක සටහන්

ඊයේ අභාවප්‍රාප්ත වූ හිටපු ඇමතිවරයෙක් සහ ආණ්ඩුකාරවරයෙක් වූ රෙජිනෝල්ඩ් කුරේ සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන ලද්දේ විප්ලවවාදියෙක් ලෙසය.1960 ගණන්වල අවසානයේ එවකට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී සිටි ඔහුගේ දේශපාලන ගමන හුදෙක්ම තීරණය වුයේ තමන් දරු මතවල පැවැති දැඩි විශ්වාසයකට වඩා නැත්නම් නිවැරදි කුමක්දැයි සිතීමක ට වඩා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීමේ මාවත නිවරදි බවට ඒත්තු ගිය නිසා බව මම විශ්වාස කරමි. එයට හේතුව ඔහු දේශපාලන යට පිවිසි මුල් යුගයෙම මා ඔහු ලඟින් ඇසුරු කල අවස්ථාවන් පැවතී බැවිනි. 1970 ඔහු ජවිපෙන් ඉවත්වූ ජී .අයි.ඩී ධර්මසේකර සමග කණ්ඩායම් ගතවිය. මට කුරේ ලඟින්ම ආශ්‍රය කිරීමට ලැබුනේ 1976 ම දෙවනවරට බන්ධනාගාර ගතකල අවස්ථාවේය. ඔහු එවකටත් එම කණ්ඩායම සමග සිටි අතර ඔහුගේ පරිවර්තනය සහ ඉදිරිමග මම ඉතාමත් සුක්ෂම ලෙස නිරීක්ෂණය කලෙමි. ඔහු අනික් සහෝදරවරුන්ට වඩා ඔවුන් අභිබවා තමන්ටම පමණක් සිමා කරගත් පුද්ගල වර්ධනය ඉතාමත් ක්‍රමානුකුලව සැලසුම් කරන්නෙකු විය.එවකට මැගසින් බන්ධනාගාරයේ සිටින විට ඔහු දිනපතා සවස පැයක් දෙකක් ම සමග දවසේ ඉංග්‍රීසි පුවත් පතක් කියවීමට පැමිණේ.අපි දෙදෙනාම එකම කණ්ඩායමකට අයත් වුවද අන්‍යොන්‍ය සහෝදරත්වය එතරම්ම වටිනා දෙයක් ලෙස ඔහු සකනු ලැබුවේ නැත.එවකට බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු ඔහු ජනප්‍රිය ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයෙක් බවට පත් විය.

1987-89 කාලය තුල කුරේට ජවිපෙන් මරණ ත්රජනයන් එල විය. දිනක සන්නද්ධ කණ්ඩයමක් ඔහු ඝාතනය කිරීමට ගෙදරට පැමිණි විට ඔහු දිවි ගලවා ගත්තේ වහලට නැග වතුර ටැංකියේ කරවටක් ගිලි සැඟ වීමෙනි.

ටියුෂන් වලින් ගොඩ නැගු පදනම ඔහු චන්ද පදනමක් ලෙස සලකන්නට පටන් ගත්තේය. ඔහු ඉතා වේගයෙන් පාර්ලිමේන්තු දේශපාලනයට ඇදී යාමේ ප්‍රවනතාවයකට හසු විය.1990 වන විට ඔහු ඔහුගේ බල පොරොත්තු ඉටුකරගත හැකි තැනකට ගමන් කොට තිබුණි.මට ඔහු අවසාන වශයෙන් හමු වුයේ 1990 ලංඩන් නුවරදී චන්ද්‍රිකා සමගය. චන්ද්‍රිකා ට ආපසු ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය කතා බහට පක්ෂයෙන් යැවූ නියෝජිතයන් දෙදෙනාගෙන් එක අයෙක් වුයේ ඔහුය. අනිකා රාජා විජේතුන්ගය.

1993 දී ප්‍රංශයට පැමිණ මා සමග දුරකථන කතා බහක යෙදුන ඔහු කියා සිටියේ දැනට ඔඅහු උප ඇමතියෙක් බවත් පසුව ඇමතිවරයෙක් වීමට සැලසුමක් ඇති

බවය.එයට පසුව ඔහු ඇමතිවරයෙක් විය.

මුලදී අවංක විප්ලවවාදියෙක් ලෙස පෙනී සිටියද ඔහුට පසු කාලීනව එවැනි දෙයක් අදාල වුයේ නැත. ජවිපෙන් දේශපාලනය ආරම්භකොට රාජපක්ෂලාගේ දුෂ්ඨ දේශපාලනය තුල නවාතැන් පොළවල් සාදාගත් බොහොමයක් දෙනා සමග එවැනි ඉතිහාසයක් කුරේ බෙදා හදා ගනී. නමුත් අපේ පරම්පරාවේ දේශපාලනය ගමන් කලේ ඒ ආකාරයෙනි. මිනිස් සම්බන්ධතාවලින් උකහා ගත් දෙයට කෘතවේදී වීම ඔවුන්ගේ චර්යාවේ කොටසක් නොවේ. කුරේ වැනි දේශපාලන ක්‍රියාකාරීන් සමාජ විප්ලවය සාර්ථක වන බව පෙනී යන්නේ නම් පමණක් ඒ වෙනුවෙන් පෙනී සිටියි. බොහෝ විට ඒ ඔවුන් ගේ සමාජ පංතිය විසින් උරුම කරගත් දායාදයේ පිළිබිඹුවක් වෙයි.

ඔබට සුභ ගමනක් කුරේ!

Dayapala Thiranagama Facebook

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan