*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ගඟක් සේ ඔබ ගලා ඒ නම්… පළමුව කවියකි.. දෙවනුව ගීතයකි..

හෙට “රෑ ඉර පාන” වෙනස් එකකට වඩා වෙසෙස් එකකි. Bandula Nanayakkarawasam රසවතා හෙට ජනගතකරණ ඒ කෘතඥතාවේ පෙළහර කැපකොට ඇත්තේ මහාකවි ආචාර්ය මහගම සේකරයන්ටයි. බීබීසීයට Bandula Nanayakkarawasam අයියා කලකට පෙර නිර්මාණය කළ සේකරාභිනන්දනයක් බාගත කොට ඒ සේකර සූරින්ගේ හා බන්ධුල සූරින්ගේ සේයා සමග ඒ මෙහි උඩුගත කරන්නට සිතුවේ අදට යෙදෙන සේකර සමරුවට සහ “රෑ ඉර පාන”ට සුබ පතනුවස්ය.

බස යොදා හද අමතන ගේක කාව්‍ය සංග්‍රාහකයෙකු ලෙස නානායක්කාරවසමුන් බෝ දෙනා හඳුනාගත්තත් ඔහුගේ නිර්මාණ කවචයේ මධ්‍ය ලක්ෂය කවියයි. ” පුංචිම සන්දියේ රිච්මන්ඩ් විදුහලේ උගනිද්දී, කැලෑව විනාශ වීම පිළිබඳ මිහිර පත්‍රයටත් විදුහල් මව් පිළිබඳ පෝදා ඇත්ත ළමා පිටුවටත් ලිවීමෙන් මගේ කවි කලාව ඇරඹිණි “යැයි හෙතෙම සිනා තොටක් නම් ඔහුගේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ගී පද මාලා සංග්‍රහයට ලියා ඇත.. කවියෙකු ලෙස කඩදාසි ගොඩක ගීතය (1979)ත් දුමාරය (1986)ත් ලියූ ඔහු කවියෙන් බහිෂ්කරණය වූ සාධක ගැන මාගේ සතිපතා ගුවන් විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය ඔස්සේ වරක් ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. “රෑ ඉර පාන” ගැනත් අපි නුදුරේදීම කථා කරමු.

කවියා ගේය කාව්‍ය බන්ධකයෙකු වන අපූරුවද කෙනෙකු සමීපව විමසිය යුතුය. ගඟක් සේ ඔබ ගලා ඒ නම්… පළමුව කවියකි.. දෙවනුව ගීතයකි..

බන්ධුල නානායක්කාරවසම් නම් විචාරකයා අපට හමු වන්නේ “රෑ ඉර පාන” නම් වාර්තා පිට වාර්තා තැබූ ගුවන් විදුලි වැඩසටහනෙනි… එය තවත් ඉදියුණුව සජීව ප්‍රාසාංගික අත්දැකීමක් වීම කොතරම් දෙයක්ද ?

එහෙත් මේ සා කලාවට ළබැඳි බන්ධුල නානායක්කාරවසම් නම් සහෘදයාගේ වාර්තාමය පර්‍යේෂණාත්මක නිෂ්පාදන ඔහුගේ කවි මෙන්ම නිසි විමසුමට පාත්‍රව තිබේදැයි විටෙක මට සිතේ.. ඔහු තම ප්‍රාණසම රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් නිමැවූ “රිච්මන්ඩ් රුවන” මෙරට නිදහස් අධ්‍යාපනජ පුත්‍රයෙකු විසින් කන්නංගර සිරිමතුන් වෙනුවෙන් කළ අසමසම අසදෘශ නිර්මාණයම වේ.. එමතු නොව අප සහෝදර තක්සලාව වූ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ මහාවංසය ලියන්නේත් මහින්දීයයෙකු නොවේ.. ඒ මේ බන්ධුල නානායක්කාරවසම් නම් රිච්මන්ඩ්වරයාමය. “මහින්ද මහිම” යනු තුන්කලටම වලංගු සලරූ පටයකි.. බන්ධුල නානායක්කාරවසම් සුධීමතුන් විකුම්සිහ හා සේකර වෙනුවෙන් කළ තවත් නිමැවුම් ඇතුළු අපූරු නිෂ්පාදන ඔහුගේ යූ ටියුබ් නාලිකාවෙන් රසවිඳින්නට හැකිය.. ඔහු සතු මේ අසහාය වාර්තා නිර්මාණ හා පර්‍යේෂණ සංග්‍රහ ප්‍රතිභාවද සම්භාවනාවට පාත්‍ර විය යුතුමැයි…

තවද ඔබගේ “එනු කොහි සිට” ඉතුරු වෙළුම් යුග්මයද කියවන්නට රිසියෙමි..

පහතින් උඩුගත කරන සේකරාභිනන්දන ගැන මේ සටහනේ කිසිත් නොකීමි. ඒ මන්දැයි එය අසාම බලන්න. ඒ එතරම්ම පරිපූර්ණය.

සේකරයන්ගේ නිමැවුම්වලින් අප ලැබූ දැනුම, අවබෝධය හා වින්දන – චින්තන පරිචය මෙතෙකැයි කිව නොහේ. මා පොත් කියවන විට අතරමගට යොදන ටැගය ලෙස භාවිත කරන්නේද සේකරයන් වෙනුවෙන් නිර්මාණය වූවකි.. ඒ මට තිළිණ කෙළේ සේකරයන්ගේ දියණිය අප හිතවත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය Nirupama Mahagamasekera මැතිණියයි. ඒ දෙකව උපුටා දක්වමින් මේ සටහනට තිත තබමි..

“එසේ වුව සොහොයුරෙනි

ඔබ ගැනම මා ලියන ඒ කවිය

ඔබගෙන් බොහෝ දෙනෙකුට

අද දින නොවැටහෙන බව දනිමි

ලෝකය මීට වඩා යහපත් වන

අනාගතේ යම් දවසක

ඔබ එය මීට වඩා ආදරයෙන්

කියවන බව දනිමි”

~ප්‍රබුද්ධ~

Nalaka Jayasena Facebook

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan