ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි කියලා පුවතක් ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කරලා තිබුණා.
LNW ගොසිප් අපට ආරංචි වෙන හැටියට කතාව මෙහෙමයි …,
මේ කියන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයා වෙන කවුරුත් නෙවෙයි නිමල් පෙරේරා ලු.
නිමල් පෙරේරා පහුගිය දවසක විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආපහු එද්දී කටුනායක ගුවන් තොටුපලේදී යම් ප්‍රශ්න කිරීමකට ලක්වෙලා තියෙනවාලු ඔහුට එරෙහිව තිබුණු අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන්. මේ වෙලාවේදී ඔහු නාමල් රාජපක්ෂ සම්බන්ධ ගනුදෙනුවක් ගැන හෙළිදරව් කරන්න තමන් සූදානම් කියලා ඒ නිලධාරීන්ට පොරොන්දු වෙලා ලු.
ඒ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවුණු අල්ලස් ගනුදෙනුවක් ගැන ලු. මේ අර “එයාර් බස්” ගනුදෙනුව නෙවෙයි, අලුත්ම චෝදනාවක් ලු.
බෝයිං 747 වර්ගයේ ගුවන් යානා 4ක් මිලදී ගැනීමේදී සිංගප්පූරු සමාගමකින් හොංකොං හි නිමල් පෙරේරාගේ ගිණුමකට ඇමරිකානු ඩොලර් 150,000ක මුදලක් ලැබිලා තියෙනවා ලු. තමන් මේ මුදල නාමල් රාජපක්ෂට දුන්නා කියලා තොරතුරු හෙළිකරන්න නිමල් පෙරේරා සූදානමින් ලු ඉන්නේ.
රාජපක්ෂ පවුලත් එක්ක කාලයක් තිස්සේ සමීපව ඉඳපු නිමල් පෙරේරා දැන් ටික කාලයක ඉඳන් රාජපක්ෂ පවුල ගැන තරහින් ලු ඉන්නේ. ඒ, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී තමන්ට මොකුත් ලොකු තනතුරක් ලබානොදීම ඇතුළු හේතු කිහිපයක් උඩ ලු. කොහොමත් නිමල් පෙරේරා යහපාලන ආණ්ඩු කාලයේදීත් රාජපක්ෂලාව දෙපාරක්ම පාවාදීලා තිබුණා මීට කලින්.
හැබැයි මෙදා පාර වැඩේදී ලොකු ප්‍රශ්නෙකුත් තියෙනවා ලු. ඒ තමයි, ඔය කියන ඇමරිකානු ඩොලර් 150,000ක මුදල නිමල් පෙරේරා නීත්‍යානුකූලව ලංකාවට ගෙනල්ලා නැතිවීම. ඔය අස්සේ මේ වැඩේ ගැන රාජපක්ෂ පාර්ශ්වයටත් දැනගන්න ලැබිලා ලු. ඒ අනුව නිමල් පෙරේරා අල්ලස් කොමිසමට ඔය ප්‍රකාශය දීපු ගමන් මුදල් විශුද්ධිකරණය (Money laundering) යටතේ ඔහුට එරෙහිව සිංගප්පූරු අධිකරණයට කරුණු දක්වන්න රාජපක්ෂලාට හිතවත් නීතීඥවරුන් පිරිසක් සූදානමින් ඉන්නවා ලු. ඊටපස්සේ සිංගප්පූරු අධිකරණයෙන් නියෝගයක් අරන් ගිහින් නිමල් පෙරේරා සතුව ඕස්ට්‍රේලියාවේ පවතින වත්කම් වගයක් තහනම් කරන්න කටයුතු කරන්නත් ඒ නීතීඥවරුන් සූදානම් වෙනවා කියලාත් ආරංචියි.
තොරණේ විස්තරේ දැනට ඕං ඔහොමයි. බලාගෙන ඉන්නයි තියෙන්නේ …..