‘මැක්ස්‘ ශ්‍රී ලංකා ඔලිම්පික්වලට දෙන ප්‍රචාරය

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 15 ,(LNW)කොළඹ :

https://www.insidethegames වෙබ් සඟරාව ලෝකයේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් මෙන්ම මඟ පෙන්වීමක් කරන සඟරාවක් ලෙස ලෝක ක්‍රීඩා ප්‍රජාව අතර ප්‍රධාන තැනක් ගනියි.ඔවුන් ඉකුත් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව ගැන ප්‍රවෘත්ති ප්‍රචාරයට හොඳ ඉඩක් ලබා දෙමින් සිටියි.ඒ ලංකාවේ ක්‍රීඩාවේ යහපත ගැන කියන්නට නොවේය.ඔලිම්පික් කමිටුවේ ලේකම්ව සිටි අමාත්‍යවරයාගේ නියමයෙන් මේ වන විට ලේකම් තනතුරෙන් පහ කර සිටින මැක්ස්වෙල් ද සිල්වා පදනම් කරගෙනය.
ඔහු ජාතික ඔලිම්පික් කමිටුවෙන්ම පත් කළ ආචාරධර්ම කමිටුවෙන් තනතුරෙන් ඉවත්වීමට යෝජනා කර සිටියදී ඉවත් නොවී,තමන්ට හිතවත් විධායක කමිටු සාමාජිකයන්ගේ කැමත්තෙන් එම තනතුරේ රැදී සිටින්නට උත්සාහ දැරීම නිසා මේ තත්ත්වය උද්ගත විය.


එම තත්ත්වය පදනම් කරගෙන ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව මෙන්ම ආසියාතික ඔලිම්පික් පරිපාලනය ද ශ්‍රී ලංකාවට ආධාර මුදල් දීම නවතා ඇත.මේ තත්ත්වයට හේතු ලෙස https://www.insidethegames පෙන්වා දී ඇති කාරණා අතර ආචාරධාර්මික කමිටු වාර්තාවේ අනිවාර්ය අමාත්‍ය අනුමැතියක් ලබා නොගෙන ජාත්‍යන්තර උත්සවයකට පුද්ගලයින් හය දෙනෙකු රැගෙන ගිය බවට මැක්ස්වෙල් පිළිගෙන තිබෙන බව ද සඳහන් කර ඇත.එසේ වරදක් පිළිගෙන ඇත්නම් මැක්ස්වෙල් එසේ තනතුරේ රැඳී සිටින්නට උත්සාහ දැරීම ගැටළුකාරී තත්ත්වයකි.එසේම විධායක කමිටුව ඔහුව රැක ගැනීමට උත්සාහ කිරීම ද,ගැටළුකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්නේය.


මේ සමඟ ඇත්තේ එම වෙබ් අඩවිය විසින් වාර්තා කරන්නට යෙදුණු ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සම්බන්ධ අවසාන වාර්තා දෙකට පිවිසීමට හැකි සබැඳින්ය.
https://bit.ly/42lxr6O
https://bit.ly/3PzJypq

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...