මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අද ලැබුණු දඬුවම!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 15, කොළඹ (LNW):

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කළ බව වාර්තා වේ.

ඒ, හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන් බව සඳහන් වේ.

තවද, විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කළ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...