කුමරිය Leonor වසර තුනක හමුදා පුහුණුවක් අරභයි!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රාජකීය සම්ප්‍රදාය අනුව යමින්, ස්පාඤ්ඤයේ Leonor කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

Leonor කුමරිය වසරක යුද හමුදා පුහුණුව අවසන් කළ අතර, පසුව නාවික හමුදා පුහුණුව ආරම්භ කර ඇත. ස්පාඤ්ඤ සම්ප්‍රදාය අනුව එරට රජ කිරුළට උරුමකම් කියන සියලුම රාජකීයයන් හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය වන අතර, ස්පාඤ්ඤ රජ කිරුළට හිමිකම් කියන ලියොනොර් කුමරිය සිය හමුදා පුහුණුව ආරම්භ කළේ මීට වසරකට පමණ පෙර ස්පාඤ්ඤයේ සරගෝසා යුද හමුදා ඇකඩමියේ දී බව වාර්තා වේ.

එහි දෙවන අදියර ලෙස ලියොනොර් කුමරිය පසුගියදා සිය නාවික හමුදා පුහුණුව ආරම්භ කර ඇති අතර, ලියොනොර් කුමරිය නාවික පුහුණු ලබන්නේ ජුආන් සෙබැස්තියන් ද එල්කානෝ නෞකාවේ දී යි.එය අඩ සියවසක් පමණ පැරණි නෞකාවක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දේ. මීටර 113ක් දිගැති නෞකාව පසුගිය දා අමෙරිකාව බලා ගමන් ආරම්භ කළ බව පැවසේ.

නාවික හමුදා පුහුණුවෙන් පසුව ලියොනොර් කුමරියගේ ගුවන් හමුදා පුහුණුව ආරම්භ වීමට නියමිතව තිබෙන අතර, ගුවන් හමුදා පුහුණුව අවසන් වීමෙන් පසුව ඇයගේ වසර තුනක හමුදා පුහුණුව අවසන් වන බව විදෙස් වාර්තා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...