කුමරිය Leonor වසර තුනක හමුදා පුහුණුවක් අරභයි!

රෂිකා හෙන්නායක , ජනවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රාජකීය සම්ප්‍රදාය අනුව යමින්, ස්පාඤ්ඤයේ Leonor කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

Leonor කුමරිය වසරක යුද හමුදා පුහුණුව අවසන් කළ අතර, පසුව නාවික හමුදා පුහුණුව ආරම්භ කර ඇත. ස්පාඤ්ඤ සම්ප්‍රදාය අනුව එරට රජ කිරුළට උරුමකම් කියන සියලුම රාජකීයයන් හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය වන අතර, ස්පාඤ්ඤ රජ කිරුළට හිමිකම් කියන ලියොනොර් කුමරිය සිය හමුදා පුහුණුව ආරම්භ කළේ මීට වසරකට පමණ පෙර ස්පාඤ්ඤයේ සරගෝසා යුද හමුදා ඇකඩමියේ දී බව වාර්තා වේ.

එහි දෙවන අදියර ලෙස ලියොනොර් කුමරිය පසුගියදා සිය නාවික හමුදා පුහුණුව ආරම්භ කර ඇති අතර, ලියොනොර් කුමරිය නාවික පුහුණු ලබන්නේ ජුආන් සෙබැස්තියන් ද එල්කානෝ නෞකාවේ දී යි.එය අඩ සියවසක් පමණ පැරණි නෞකාවක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දේ. මීටර 113ක් දිගැති නෞකාව පසුගිය දා අමෙරිකාව බලා ගමන් ආරම්භ කළ බව පැවසේ.

නාවික හමුදා පුහුණුවෙන් පසුව ලියොනොර් කුමරියගේ ගුවන් හමුදා පුහුණුව ආරම්භ වීමට නියමිතව තිබෙන අතර, ගුවන් හමුදා පුහුණුව අවසන් වීමෙන් පසුව ඇයගේ වසර තුනක හමුදා පුහුණුව අවසන් වන බව විදෙස් වාර්තා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...