ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

Date:

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී නව වාර්තා පිහිටුවීමට සමත්ව තිබෙනවා.

චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඊයේ (14) නිකුත් කළ දත්තවලට අනුව 2025 වසරේ රටේ මෝටර් රථ නිෂ්පාදන ධාරිතාව සහ අලෙවිය මිලියන 34.5ක් සහ මිලියන 34.4ක් වන බව සඳහන් වනවා. එය වාර්ෂිකව 10.4% ක සහ 9.4%ක වැඩිවීමක්. එය නව ඓතිහාසික වාර්තාවක් වන අතර ඒ අනුව චීනය අඛණ්ඩව 17 වන වසරටත් ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොළ බවට පත් වනවා.

එමෙන්ම නව බලශක්ති වාහනවල නිෂ්පාදනය සහ අලෙවිය ඒකක මිලියන 16 ඉක්මවා තිබෙනවා. දේශීය අලෙවිය 50% කට වඩා වැඩි නව බලශක්ති වාහන, රටේ මෝටර් රථ වෙළඳපොලේ ප්‍රමුඛ බලවේගය බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථ අපනයනය ඒකක මිලියන 7කට අධිකයි. ඒ අතර, නව බලශක්ති වාහන අපනයනය ඒකක මිලියන 2.615ක් දක්වා ළඟා වී ඇති අතර එය වාර්ෂිකව දෙගුණයක් දක්වා වර්ධනය වීමත් විශේෂත්වයක්.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...

වැසි තත්වයේ අඩුවීමක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 15) දිනයේ සිට දිවයිනේ...