ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

Date:

සටහන – නිෂ්මං රණසිංහ

ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ පැවති දකුණු ආසියාතික ෆුට්සාල් සූරතාවය සම්බන්ධ සටන ජය පරාජයකින් තොරව නිමා කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ගෝල 3- 3 ක් ලෙස සම වුණ තරගයේ දී හ්‍රී ලංකාව වෙනුවෙන් මොහොමඩ අකීබ් ගෝල 2 ක් සහ මොහොමඩ් තිලාම් එක් ගෝලයක් රැස් කරනු ලැබුවා.

තායිලන්තයේ පැවත්වෙන තරගාවලියේ මීටර් 48 – 32 දුර ප්‍රමාණය ඇතුළත පිහිටා ඇති මීටර් 3 ක් පළල සහ මීටර් 2 ක් උස ගෝලය ඉක්මවා යන සේ පහර එල්ල කිරිමට ශ්‍රී ලංකාව වැඩි අවස්ථා හිමි කර ගත්ත ද,එය ගෝලයක් ලෙස අවසාන කර ගැනීමට භූතාන් දැල රකින්නාගේ විශිෂ්ඨත්වය විසින් ඉඩ අහුරා දැමුවා.ඔහුව මඟ හරිමින් අකීබ් මෙන්ම තිලාම් ලබා ගත් ගෝල දෙකට ඒ අනුව හිමිවන්නේ විශාල වටිනාකමක්.


තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-2 ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයක සිටියත් ගෝල ලබා ගැනීම ආරම්භ කළ භූතානය පළමු අර්ධයේ වැඩි කාලයක් 1- 0 ක් ලෙස මෙන්ම 2-1 ක් ලෙස ඉදිරියෙන් වැජඹුණා.එහෙත් වැඩිපුර ගෝල අවස්ථා සමඟ භූතාන දැල අසළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආක්‍රමණය රැදී තිබුණා.
වැඩි දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ තරගයක් ලෙස ගෙවුණ මේ තරගයේ දී භූතාන දැල රකින්නාගේ හැකියාව වඩාත් ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කළ අතර ඉවසීම සහ නිවැරදි සැළසුමකට අනුව ගෝල ලබා ගැනිම සඳහා පිවිසුණානම් ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබන්නට ඉඩ කඩ විවරව තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...