ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි විරෝධතා මැඩපැවැත්වීමට රජය විසින් ක්‍රියාත්මක කළ මර්ධනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ පැවති මතභේදයන් උත්සන්න වීමත් සමඟ ඉරානය කිසිදු පැහැදිලිකිරිමකින් තොරව අද(15) අලුයම සිය ගුවන් අවකාශය වසා දමා තිබේ.

ගුවන් අවකාශය සීමා කිරීම ඉහළ යන අභ්‍යන්තර නොසන්සුන්තාව, රටපුරා අන්තර්ජාල සහ සන්නිවේදන අවහිර කිරීම් සහ කලාපීය ආරක්ෂක ගැටළු වැඩි වීමේ පසුබිමකට එරෙහිව පැමිනෙන අතර එක්සත් ජනපදය විසින් කටාර්හි ප්‍රධාන එක්සත් ජනපද හමුදා කඳවුරක සමහර නිලධාරීන්ට හදිසියේම ඉවත් වන ලෙස උපදෙස් දීමත් සමඟ ගුවන් අවකාශය වසා දැමීම සිදුව ඇති අතර වසා දැමීම පැය හතරකට වැඩි කාලයක් පැවත ඇති අතර ජාත්‍යන්තර ගුවන් යානා ඉරානය වටා උතුරට සහ දකුණට හරවා යවා තිබිණි.

මේ වන විට ගුවන් සමාගම් කිහිපයක් දැනටමත් ඉරාන ගුවන් කලාපයට ප්‍රවිෂ්ඨ වීම සීමාකර හෝ අත්හිටුවා ඇති අතර, බොහෝ ගුවන් සමාගම් ඉරාන ගුවන් කලාපය මඟහරිමින් සිටින බව ගැටුම් ප්‍රදේශ සහ ගුවන් ගමන් පිළිබඳ තොරතුරු සපයන SafeAirspace වෙබ් අඩවිය සඳහන් කර ඇත.

පසුගිය වසරේ ජුනි මාසයේදී ඊශ්‍රායලයට එරෙහි දින 12 ක යුද්ධයේදී සහ ඊශ්‍රායල-හමාස් යුද්ධයේදී ඊශ්‍රායලය සමඟ වෙඩි හුවමාරුවක් සිදු වූ විට ඉරානය මීට පෙර තම ගුවන් කලාපය මෙලෙස වසා දමනු ලැබූ අතර 2020 දී ඉරාන ගුවන් ආරක්ෂක හමුදාව විසින් යුක්රේන ජාත්‍යන්තර ගුවන් සේවයේ PS752 ගුවන් යානය සතුරු ඉලක්කයක් ලෙස වැරදි ලෙස හඳුනාගෙන මතුපිට සිට ගුවනට මිසයිල දෙකක් භාවිතා කරමින් වෙඩි තබා බිම හෙළූ අතර, එහි සිටි 176 දෙනාම මිය ගියහ. ඉරානය දින ගණනාවක් තිස්සේ ගුවන් යානය බිම හෙළීමේ චෝදනා බටහිර ප්‍රචාරයක් ලෙස ප්‍රතික්ෂේප කළ අතර අවසානයේ එය පිළිගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...