අධිවේගයෙන් ඉදිරියට යන මගෙ රට

Date:

අද ජනවාරි 15 වනදා. මෙරට අධ්වේගී මාර්ග පද්ධතියේ ඇතුගල් පුර පිවිසුම ජන ගත කිරීම හෙවත් ජනතා අයිතියට පත් කිරීම අද සුභ මොහොතින් සිදු වේ.මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එහි දුර කිලෝමීටර් 40.91 කි. පාරිසරික සහ සාමාජීය බලපෑම් අවම වන පරිදි මෙය සැලසුම් කෙරිණි . නාගරික ප්‍රදේශ මග හරිමින් මුඩු ඉඩම් හරහා මෙම කොටස නිර්මාණය කිරීම විශේෂත්වයකි . මංතීරු 04 ක් යටතේ එය ඉදිකෙරුණු අතර මෙම මාර්ගය මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිකෙරුණු අලංකාරාත්මක කොටස ලෙසයි සැලකෙන්නේ ..

දේශීය අරමුදල් යොදා දේශීය කොන්ත්‍රාත් කරුවන් විසින් මාර්ගය ඉදිකිරීම විශේෂත්වයකි. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, අගලගමුව, කුරුණෑගල , යක්ගහපිටිය යන ස්ථාන මුදල් ගෙවීමේ කවුළු සහිතව මුද්ල් හුවමාරු ස්ථාන පහක් ඉදිකර ඇත. මීරිගම සිට කුරුණෑගල දක්වා වූ ව්‍යාපෘතියේ සමස්ත වියදම බිලියන 137කි.

ලෝකයේ දියුණුතම රටවල් වලට පමණක් හිමිකම් කියූ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය අපේ රටට හඳුන්වා දෙනු ලැබූයේ එවකට ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. 2009 දී උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය අවසන් කර වසර දෙකක් ඉක්මවීමට පෙර ලෝකයේ දියුණුතම රටවල් හා සමාන තත්ත්වයට පත් කරවමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙරටට දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කළේය.

සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලක් වූ මෙරට අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ කොට්ටාව – පින්නදූව ප්‍රථම අධිවේගී මාර්ගය 2011 නොවැම්බර් මස 27 වනදා ජනතා අයිතියට පත් කිරීමට එවකට රජය සමත් විය. එය සිදු කලේ උතුරු නැගෙනහිර යුද්ධයේ අඳුරු සෙවනැලි මත යුධ උණුසුම මෙරටින් තුරන් වීමටත් පෙරයි. එක් පැත්තකින් යුද්ධයකි. තවත් පැත්තකින් රටට එරෙහිව දකුණේ දේශද්‍රෝහී විරෝධීතාවයයි.

සියල්ල මැද රට දියුණුවෙන් දියුණුවට පත්වූයේ 2004 වසරේ සුනාමියෙන් මෙරට ජන ජීවිතය විනාශයෙන් විනාශයට පත්ව තිබියදී ය. 2004 වසරේ සුනාමියත් , 2007 වසරේ උතුරු නැගෙනහිර යුද්ධයත් මේ රටේ ජනජීවිතය සම්පූර්ණයෙන්ම බිලිගනිමින් තිබුණත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයත් ආරක්ෂක ලේකම් වරයාත් , මැති ඇමති මණ්ඩලයත් තුළ තිබූ ආත්ම ශක්තිය හා ස්ථිර අධිෂ්ඨානය මත මෙරට රණවිරුවන් ද සමස්ථ ජනතාවත් එකා මෙන් මෙරට සංවර්ධනයට ශක්තිය ලබා දුන්නා.

එහි ප්‍රථිඵලයක් ලෙස 2015 වනවිට මේ රට දකුණු ආසියාවේ දැවැන්ත සංවර්ධනයක් කරා ගිය සියලු ජයග්‍රහණයන් , ශක්තීන් , ධෛර්යයන් හිමිකරගත් රටක් බවට පත්විය. එහෙත් 2015 සිට 2019 දක්වා වූ කාලය තුළ මෙරට සංවර්ධනය යන වචනය තහනම් වචනයක් වූ බැවින් රටේ දියුණුව නාය යෑමකට පත් වූ බව ජනතාව තේරුම් ගෙන අවසන්ය.උදා වී ඇත්තේ රටේ වාසනාවන්ත කාලයයි. දිනෙන් දින ඉදිවන මං මාවත් , නිවාස, වගාබිම්, නව නිපැයුම් , සමඟින් රට සංවර්ධනය කරා යෑමේ ගමන විලංගු දමා වත් නැවතිය නොහැක.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය කිමිදුම්කරුවන්ටත් රක්ෂණයක්!

කොළඹ LNW:ජිවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා...

අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස...

ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සුදාට එරෙහිව වාරණ නියෝගයක් !

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව...