ජනපති රනිල්ගේ තෛපොංගල් දින පණිවිඩය

Date:

ලොව පුරා වෙසෙන දමිළ ජනතාව විසින් බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන එක් කරන්නේ මහත් සතුටිනි.

කෘෂිකර්මාන්තය හා බැඳුනු ‍තෛපොංගල් උත්සවයේ දී සරු අස්වැන්නක් හා යහපත් බලාපොරොත්තු වෙනුවෙන් අඛණ්ඩ ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදු කරයි.

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කරමින් ස්වයංපෝෂිත රටක් ගොඩනැඟීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස ද මෙවර තෛපොංගල් උත්සවය සැලකිය හැකිය.

කෘෂිකර්මාන්තයේ නවීකරණය කෙරෙහි රජය පුළුල් අවධානයක් යොමු කර තිබෙන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරිත්වයට ගැළපෙන, තාක්ෂණය මත පදනම් වූ ඵලදායී තිරසාර සහ ලාභදායි කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපේක්ෂාවයි.

රජයේ මෙම නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ ‍වැඩපිළිවෙළට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට එක්වන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් වූ මෙම තෛපොංගල් දිනයේ දී මම සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

අටුකොටු සරු වී, දිළිඳුකම තුරන් වී, සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනය කරන අතර ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දමිල ජනතාවට සෞභාග්‍යමත් සුබ තෛපොංගල් සැමරුමක් වේවායි සුභාශිංසනය කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...

කීරි සම්බා හිඟයට හේතුව?එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියන කතාව..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : වර්තමානය වන විට වෙළඳපොළේ...

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...