SPC හිටපු සභාපති ආචාර්ය රූමි සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Date:

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කොට තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත්වීම සිදු කොට ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සභාපති ධූරයට පත්වූ ඒ මහතා එහි විප්ලවීය වෙනස්කම් රැසක් සිදු කිරීමට දායක විය.කළමනාකරුවකු,මෙන්ම දක්ෂ පරිපාලකයෙකු ලෙස ද ස්වකීය හැකියාව එම කාලසීමාව තුළ මැනවින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ ඒ මහතා රාජ්‍ය ඖෂධ නීතිගතසංස්ථාව ලාභ ලබන මට්ටමට පත් කිරීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්විය. 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක වැටුප් ඉහළ නැංවීමට මෙන්ම ජනතාවට ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කාර්‍යක්ෂම කිරීම සම්බන්ධව සුවිශේෂී දායකත්වයක් දැක් වූ හෙතෙම යුක්රේනයේ ජාතික තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබද ආචාර්ය උපාධියක් ලැබූවෙකි.
දේශපාලන නායකත්වය තුළ ස්වකීය බුද්ධිමය දායකත්වය ලබා දුන් ඒ මහතා අතිදක්ෂ සංවිධායකයෙක් ද වෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...