විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් වෙනුවෙන් ආධාර …

Date:

විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත.

ජපානය, කොරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල හැර වෙනත් රටවල සිටින විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක පාසල් උපකරණ මෙහිදී ලබාදීමට නියමිත අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 ක කාලයක් නොඉක්ම වූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට ද පාසල් උපකරණ ලබාගැනීමේ වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 නොඉක්මවූ විගමණික ශ්‍රමිකයින්ට රුපියල් 50,000 ක වටිනාකමින් යුත් ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ආරම්භ කර ඇත. ඒ සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීවරයාගේ අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...