වෙන කතා වැඩක් නැහැ. බලය ගන්නම ඕනේ – AKD

Date:

කොළඹ LNW: මේ වන විට රටකට මෙන්ම ජනතාවට සිදුවිය හැකි සියලුම පන්නයේ විනාශයන් සිදුව ඇති හෙයින් දැන් සියලු දෙනා එක්ව නැගී සිටිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනතාව ලෙස විවිධ දේ කර ගොඩ යන්න උත්සහ කර බැලුවද කිසිවක් සාර්ථක නොවන්නේ කළ යුතු අවශ්‍යම දේ නොකර සිටීම නිසා වන අතර වේදනාත්මක ජීවිතයෙන් මිදීමට නම් අවශ්‍යයෙන් කළ යුතු වන්නේ දේශපාලන වෙනසක් ඇති කිරීම බව දිසානායක මහතා සඳහන් කරයි.

ඒ අනුව බලය ගන්නවා හැර වෙන දෙයක කිරීමට නොමැති බව හෙතෙම ප්‍රකාශ කරයි.

”කඩයක් පටන් ගන්නවා කඩේ වහනවා ත්‍රීවීල් එකක් ගන්නවා ත්‍රීවීල් එකත් විකුණනවා නෝනා රට යවනවා මොකක්ද ඇතිවෙච්ච ප්‍රතිඵලය. ගොඩ ගියේ නැහැ. ගොවිතැන කරන ජනතාව ගොවිතැන මාරු කරලා බැලුවා. ලුණුගම්වෙහෙර පැත්තේ වගාකරන කුඹුර අයින් කරලා කෙහෙල් හිටවල බැලුවා. මොකක්ද සිද්ධ වුණේ. ඒ නිසා මේ වේදනාවෙන් ගොඩ ඒම සඳහා ජීවිත කළේ නොකරන ලද දෙයක් නැහැ. හැබැයි ගොඩගියේ නැහැ. මොකද අපි අවශ්‍ය දේ කරලා නැහැ. මේ වේදනාවෙන් මිදීම සඳහා කළ යුතු අවශයම දේ තමයි දේශපාලන වෙනස. හරියටම කෙලින්ම කිව්වොත් අපි බලය ගන්න ඕනේ. මෙතන වෙන මුකුත් නැහැ. එතනින් එහාට කතා නැහැ. බලය ගතයුතුයි. ඇයි ඒ?රටකටත් ජනතාවටත් වෙන්න පුළුවන් සියලුම පන්නයේ විනාශයන් සිදුව ඉවරයි. දැන් ජනතාව සියලු දෙනා නැගිටින්න ඕනේ. දැන් අපි ඉස්සරහ තියෙන්නේ මොකක්ද අපි ඔක්කොටම කතාවෙලා එක්ව වැනසෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔක්කොටම කතාවෙලා නැගිටින්න පුළුවන්. මොකක්ද අපි තෝරාගන්නේ. වැනසෙන්න ද ? නැගිටින්නද? අපි නැගිටින්න ඕනා.” යනුවෙන් අනුර දිසානායක මහතා තවදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුවට ඇප:විදේශ ගමන් තහනමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : අද (20)...

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...