*
Monday, May 20, 2024
spot_img

Latest Posts

“සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක” තේමාවෙන් පොහොට්ටුව වැඩ අරඹයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): සද් ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක”යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 දී ගමට නායකයන් ගොඩනඟන වැඩබිමක් සඳහා රටේ ජනතාව දැනුවත් කරන වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

එළඹෙන ජනාධිපතිවරණයේ දී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිල්ල යොමුවන බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ,

” පක්ෂය ඉදිරියට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙනවා. ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා. අපේ අපේක්ෂකයා තීන්දුකර නැහැ. ඇතැම් විට අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. බිම් මට්ටමේ තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා ” ලෙසයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“මේක පක්ෂයේ විහේෂ වැඩපිළිවෙලක් වශයෙන් ඉදිරියට යනවා. මේ රටේ බොරුවෙන් වැඩ කරන්නේ. වැඩ කරන මිනිහාට හොරා කියනවා. කරන දේවල් වැරැදියට දකිනවා. ඒ වගේ මනස විකෘති කරන තත්ත්වයක් මේ රටේ ඇතිකර තිබෙනවා. ඉතිං පක්ෂයක් වශයෙන් අද නව වැඩපිලිවෙලක් අපි ආරම්භකර තිබෙනවා. ඒක “ඉර හඳ සහ සත්‍යය වසන්කළ නොහැක” යනුවෙන් නම්කර තිබෙනවා. ඇත්තටම මේ රටේ කුමක් ද සිදුවණේ කියා අපි ජනතාව දැනුවත් කරනවා. ඇත්තටම රටේ ආර්ථිකයට හානි කළේ කවුද. රට ගොඩනැඟුවේ කවුද. මේ රටේ ජනතාවට ආදරය කරන සහ රට රැකගත් නායකයින් කවුද. රට විනාශ කළ නායකයින් කවුද කියා ජනතාව දැනුවත් කළයුතු වෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක ආරම්භය වෙනවා. ගමට යන්න අපි පාරවල් කපා තිබෙනවා. ගම්වල තිබෙන පාරවල් සියල්ල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ හදපු පාරවල් තිබෙන්නේ. අලුතින් පාරවල් කැපිය යුතු නැහැ.

අපේ කාලයේ නිර්මාණය කළ පාරවල්වල ගිහින් ජනතාව දැනුවත් කිරීමක් කරන්නේ. අපේ පක්ෂයට කිසිඳු ගැටළුවක් නැහැ. පසුගිය කාලයේ අපි ජනතාව සමඟ සිටියා. අපි දිගින් දිගටම ගමට ගියා. ගමට ගිහින් එළිය බැලුවත් පාසල, ගමේ පිට්ටනිය, රෝහල අපි විසින් නිර්මාණය කර තිබෙනවා. සියලු සංවර්ධන කටයුතු සිදුකර තිබෙනවා. නගරයේත් සංවර්ධනය කර තිබෙනවා. ඒ නිසා අපිට ගමට යන්න ප්‍රශ්නයකුත් නැහැ. නගරයට යන්න ප්‍රශ්නයකුත් නැහැ. අපි පක්ෂයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර නැහැ. ඒ නිසා අපි ඉදිරියට තීන්දුව ගන්නවා. පක්ෂයක් ලෙස තීන්දුව අරගෙන ජනතාවට ප්‍රකාශ කරනවා. ඒ ගැන අපි හදිසි වෙන්නේ නැහැ. විපක්ෂයේ ඇතැමුන්ට ජනාධිපති සිහිනය හෝ දැක දැක ඉන්න අවස්ථාවක් දෙනවා. මේ රටේ යථාර්ථය වෙනස් කියන එක තේරුම් කරදෙන්න තව පොඩි කාලයක් දෙනවා” යැයි පැවසීය.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි නායකත්ව පුහුණු රැස්වීම් 2,500 කට අධික ප්‍රමාණයක් සිදුකිරීමට ද නියමිත බව පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති ඇමතිවරුන්, නීතිඥ සංගමය සහ පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සංවිධායකවරුන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan