ඊශ්‍රායල – හමාස් ගැටුමට දින 100යි.පලස්තීනුවන් 24000ක් ඝාතනය වෙයි.කුසගින්නෙන් දරුණු පීඩා!

කොළඹ LNW: ඊශ්‍රායල – හමාස් ගැටුමට ඊයේ දිනය වන විට දින 100යක් ගතව තිබුණි.

මෑත ඉතිහාසයේ දරුණුතම මානුෂීය ඛේදවාචකය බවට ගාසා තීරය පත්ව තිබෙන අතර මෙම දින 100යක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 24,000කට ආසන්න එනම් 23968ක් ඝාතනය වී තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර නිවාස 350,000ක් ද විනාශ වී ගොස් ඇති බවද දැක්වෙයි.

මෙම කාලය තුළ බෝම්බ ටොන් හැටපන් දහසක් ගාසා තීරයට මුදාහැර ඇති අතර ඝාතනය වූ පලස්තීනුවන් අතරින් වැඩි දෙනෙක් කාන්තාවන් හා දරුවන් වන බවද සඳහන්.

ඊශ්‍රායල විසින් ගාසා තීරයට ආධාර යැවීමේ මාර්ග අහුරා තිබීම හේතුවෙන් ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම දැඩි අර්බුදයට ගොස් ඇති අතර සෑම පලස්තීනුවන් හා දෙනෙකු අතරින් නව දෙනෙකු ආහාර වේලක් ලබා ගැනීම සඳහා පැය 24ක් නිරාහාරව බලා හිඳින බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසුව ගැටුම් ඇවිලුණු අතර දින හතක සටන් විරාමයක්ද ඒ අතර ක්‍රියාත්මක වූ නමුත් මෙම යුද්ධයේ නිමාවක් ගැන තවමත් බලාපොරොත්තුවක් දල්වා ගත නොහැකි බව විදෙස් වාර්තා ප්‍රකාශ කර සිටියි.

නිරායුධ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාව ගැන අවධානය යොමුකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා කිහිපයකදී ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබුණද ඔවුන් පවසන්නේ සිය හමුදා මිනිස් සතුන් සමඟ සටන කරමින් සිටින බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර තිබුණේද ගාසා තීරණයට යළි පණ දීමට නොහැකි වනු ඇති බවයි.

කෙසේවෙතත් මේ වන විට බහුතරයක් ගෝලීය ප්‍රජාවෙන් ඊශ්‍රායල වෙත විරෝධය එල්ල වුවද ඔවුන් සටන් තීව්‍ර කර සිටීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ බල පිපාසාව බව දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...