අයවැය විවාදයේ කටයුතු ගැන සජබ මන්ත්‍රීවරුන් සහ වෘත්තීය සමිති නායකයින් විශේෂ සාකච්ඡාවක (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෞභාග්‍ය සම්පන්න රටක් ගොඩ නැගෙන්න නම් නිවැරදි ප්‍රතිපත්තීන් නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා පහළින් ඉහළට ගලා යන ජනතා අදහස්, යෝජනා, චින්තන, දර්ශන මුදුන් පත් කර ගත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයකට ප්‍රවේශ විය යුතු බවත් ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම යන අංශ ගණනාවක් තුළින් යහපත් දේශයක් උදෙසා කාර්යභාරය ඉටු කිරීම විධිමත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ සඳහා සක්‍රීය දායකත්වය, කැපවීම, වගකීමෙන් දත්ත තොරතුරු සහිත කරුණු කාරණා හා යෝජනා අවශ්‍ය බවත් එය ජනතා පිළිගැනීම හා විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි බවත් ව්‍යාජ තොරතුරු දත්ත මත දේශපාලනීකරණය ලක් වූ වැඩපිළිවෙළක් නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එබැවින් සෑම මසක ම පාර්ලිමේන්තුව දින 8ක් රැස්වන බවත් එම දින 8 විවාදයට ගන්නා කරුණු කාරණාවලට සක්‍රීය දායකත්වය, සහභාගීත්වය අවශ්‍ය බවත් එහි දී ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය වඩාත් ශක්තිමත් කර සහභාගීත්ව ප්‍රතිපත්ති සම්පාදනයේ පෙරමගකරුවන් බවට පත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි අයවැය විවාද සතියේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා ඊයේ (ජනවාරි 15) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

දත්ත හා තොරතුරු මත පදනම්ව සියලු තර්කයන් ඉදිරිපත් කරන ලෙසත් ආණ්ඩුව කරන කියන දේවල් තර්කානුකූලව විග්‍රහ කළ යුතු බවත් ජනතාව වෙනුවෙන් දැවැන්ත හඬක් නැඟිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය අංශයේ වැඩකරන ජනතාව මෙන්ම පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ හඬ ද නියෝජනය විය යුතු බවයි.

සහභාගීත්ව ක්‍රියාවලිය තුළින් වඩාත් යහපත් යෝජනා හා අදහස් ඉදිරිපත් කර රටට සෞභාග්‍ය උදාකරලීම සඳහා විපක්ෂයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...