පළාත් පාලන ඡන්දයට අමුතුවෙන් කැම්පේන් ඕනෙ නෑ. අපේ යහපත් වැඩ නිසා අපි කොහොමත් දිනනවා – ලාල්කාන්ත

Date:

පළාත් පාලන මැතිවරණය මාර්තු අග හෝ අප්‍රේල් මුල පැවැත්වෙනු ඇතැයි දැනට ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වන බවත් ඊට වෙනමම ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවයක් ජාතික ජන බලවේගයේ රජයට නොමැති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“පළාත් පාලන ඡන්දය මාර්තු අග – අප්‍රේල් මුල වගේ එනවා කියන එක තමයි දැනට ආරංචිමාර්ග තොරතුරු තියෙන්නෙ. ඒවා නිසි කලට තියන්නත් ඕනෙ, මොකද අධිකරණ තීන්දුවකුත් තියෙනවා පළාත් පාලන ඡන්දය ඉක්මනින් ඉඩක් ලැබුණු වහාම තියන්න කියලා. ඉතින් පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන අපි අමුතුවෙන්ම කියලා ප්‍රචාරක වැඩක් හෝ දේශපාලන වැඩසටහනක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපේ රජය කරගෙන යන යහපත් වැඩත් එක්ක පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 15) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...