චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 15ක්.ආර්ථිකය,අධ්‍යාපනය, මාධ්‍ය සහ සංස්කෘතියට විශේෂ අවස්ථා!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සකච්ජාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා ඇත.

එම නිල සාකච්ජාව ඊයේ (15) චීන මහජන ශාලාවේදී පැවති අතර ආර්ථික,සංස්කෘතික,දේශපාලන සබඳතා පිළිබඳ වැදගත් කරුණු රැසක් සාකච්ජා කළ බවයි ඒ පිළිබඳ කරුණු දක්වමින් සංචාරයට එක්ව සිටින අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.

අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ද ආර්ථිකය,අධ්‍යාපනය, මාධ්‍ය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

චීන ආණ්ඩුව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය දීමට සහතික වී තිබෙන බවත් ඉදිරියේදී විශාල වාසි රැසක් රටට හිමිවනු ඇති බවත් විජිත හේරත් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...