චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 15ක්.ආර්ථිකය,අධ්‍යාපනය, මාධ්‍ය සහ සංස්කෘතියට විශේෂ අවස්ථා!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සකච්ජාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා ඇත.

එම නිල සාකච්ජාව ඊයේ (15) චීන මහජන ශාලාවේදී පැවති අතර ආර්ථික,සංස්කෘතික,දේශපාලන සබඳතා පිළිබඳ වැදගත් කරුණු රැසක් සාකච්ජා කළ බවයි ඒ පිළිබඳ කරුණු දක්වමින් සංචාරයට එක්ව සිටින අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.

අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ද ආර්ථිකය,අධ්‍යාපනය, මාධ්‍ය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

චීන ආණ්ඩුව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය දීමට සහතික වී තිබෙන බවත් ඉදිරියේදී විශාල වාසි රැසක් රටට හිමිවනු ඇති බවත් විජිත හේරත් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...