චීනයෙන් ලද දැවැන්තම ආයෝජන ගිවිසුමට අත්සන් තැබෙයි!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් එම ගිවිසුමට අද (16) අත්සන් තබා තිබේ.

ඒ, හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළවය.

මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර එම ගිවිසුම අත්සන් තැබීම සිදුවිය.

ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් ලෙස එම තෙල් පිරිපහදුව ඉදිකිරීමට යෝජිත අතර එය තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුත් වන බවත් ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන්.

චීනයෙන් ලද මෙම දැවැන්තම ආයෝජනය හරහා මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ගද ශක්තිමත් කිරීමට මෙය අවස්ථාවක් වනු ඇති බවයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට විදේශ කටයුතු,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්,ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර යන මහත්වරු එක්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...