චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්!

Date:

කොළඹ LNW:චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 14වැනිදා සිට හෙට (17) දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට සමගාමීව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.

එම සංචාරය තුළ,චීන-ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරින් සංවර්ධනය කරමින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීම හා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පුළුල් එකඟතාවන්ට පැමිණ තිබෙන බව එම නිවේදනය පවසයි.

දෙරට හා දෙරටේ ජනතාවට සුබ සෙත සැලසීම සඳහා අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණ්ඩව ගැඹුරින් පවත්වා ගැනීමට ප්‍රයත්න දැරීමට දෙපාර්ශ්වය කැමැත්තෙන් සිටියි.

දෙරටේ රජයන්, නීති සම්පාදක ආයතන සහ දේශපාලන පක්ෂ අතර සම්බන්ධතා සමීප කිරීමට දෙපාර්ශ්වය සූදානමින් සිටියි.

දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය පුනර්ජීවනය, සංස්කෘතිය හා සංචාරය යනාදී විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වය සූදානමින් සිටින බව එම නිවේදනය පවසයි.

ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති මූල්‍ය සහන සඳහා චීනය දක්වන වටිනා සහයෝගය බෙහෙවින් අගය කරන අතර,චීන මූල්‍ය ආයතන සමඟ දෙපාර්ශ්වය එළඹුණු ණය බැහැර කිරීමේ සැලැස්ම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටියි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කරන ලද පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩනැගීම, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂණ මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යනාදී ප්‍රධාන සංකල්ප හා යෝජනා සඳහා ශ්‍රී ලංකා ජනරජය සිය ස්ථිර සහයෝගය හා ක්‍රියාකාරී සහභාගීත්වය නැවත අවධාරණය කරයි. ලෝකයේ විවිධ රටවලට සාමය, සුරක්ෂිතතාව, සමෘද්ධිය හා ප්‍රගතියෙන් යුතු දිප්තිමත් අනාගතයක් හිමි වීම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව දෙපාර්ශ්වය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාදරයෙන් ඇරයුම් කරන බව එම නිවේදනය සඳහන් කරයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...