අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW:

පිට පිටම දින දෙකක් ඇතුළත අර්ධ ශතක ලබා ගනිමින් හසිනි පෙරේරා දැක් වූ දක්ෂතාවය නිසා කාන්තාජාතික විස්සයි විස්ස තරගාවලියේ දී ඇය නායකත්වය දෙන ග්‍රීන් කණ්ඩායමට ග්‍රේ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබන්නට හැකි වුණා.මේ තරගයේදී දෙපිළේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙණුන අතර හසිනි නොදැවී ලකුණු 58 ක් ද,ග්‍රීන් කණ්ඩායමේම නිලක්ෂිකා සිල්වා නොදැවී 60 ක් ද රැස් කළ අතර ග්‍රේ කණ්ඩායම වෙනුවෙන් ඉමේෂා දුලානි ලකුණු 54 ක් රැස් කරන්නට සමත් වුණා.මෙහිදී ජාතික කණ්ඩායම කළ ඉන්දියානු සංචාරයේදී ද,ඉමේෂා මෙන්ම හසිනි පිතිකරණයෙන් දක්ෂතා දැක් වූ අතර එම දෙදෙනාම සාපේක්ෂව මේ තරගාවලියේදීත් දක්ෂතා අඛන්ඩව පවත්වාගෙන යන බවක් පෙන්නුම් කරනවා.


මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ග්‍රේ කණ්ඩායම සිය පන්දු ඕවර් 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 120 ක් රැස් කරමින්.එහිදී ඉමේෂා පන්දු 44 ක් තුළ නොදැවී ලකුණු 54 ක් ලබා ගනිමින් කැපී පෙණුන අතර දැවී ගිය කඩුලු 6 උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්ධිකා කුමාරි අතර කඩුලු 3 බැඟීන් බෙදී ගියා.ඔවුන් දෙදෙනාම එම කඩුලු දවා ගැනීම සඳහා ලබා දුන්නේ ලකුණු 20 බැඟීන් වීම කැපී පෙණුනා.
පිළිතුරු ඉණිමට පිවිසි ග්‍රීන් කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 9 ක් වෙද්දි දවා ගන්නට ග්‍රේ කණ්ඩායම සමත් වුණත්,එතැන් සිට සිය අත්දැකීම් සමඟ ආක්‍රමණික පිතිකරණයක යෙදුණු හසිනි පෙරේරා සහ නිල්ක්ෂිකා ජයග්‍රහණය දක්වාම නොදැවී කණ්ඩායම රැඟෙන ගියා.හසිනි ගේ නොදැවී ලැබූ ලකුණු 58 පන්දු 47 දී හතරේ පහර 4 ක් සහ හයේ පහර එකක් සමඟ ගලා ආ අතර නිලක්ෂිකා ලකුණු 60 ලබා ගැනීම සඳහා පන්දු 50 ක් වැය කළ.ඇයගේ ලකුණු 60 හතරේ පහර හතරකින් සහ හයේ පහර දෙකකින් පෝෂණය වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...