*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

මේ බිඳුන බඳුන් පිරි නුවරයි !

කැඩී බිඳී විසිරී තැන තැන
කැබලි වලින් නිතර ශෝකාලාප මතුවෙයි !
දකින දකින මංසලෙහි ඔබ මොබ
පළුදු වූ බඳුන් කලබලෙන් ඇවිදියි !

උදෑසන මෙලවෙද්දි ලිපක ගින්දර
බඳුනක් තිබේ හූස් හූස් ගගා ලිපට පිඹින
පාන්දර කිරි කළ බඳුන් නික්මී ගියපසු නිවසින්
පෙරකී බඳුන කැබලි විසිරුවා බිඳෙයි

හවස්වෙලා කිරි කළ බඳුන් නැවත එනවිට
ඒ බඳුන ආදරෙන් උතුරයි, උතුරා දෝරෙ යයි
වෙහෙසකර දවසක් අවසන
රා කළයක් අසලින් ඒ බඳුන ඇලවෙයි.
නින්දේදීත් බිඳෙයි, හැමදාම බිඳෙයි
රහසෙන් ඉකිබිඳ තනිවම
කැබලි අලවා ගනියි !

මේ බිඳුන බඳුන් පිරි නුවරයි !

හදවත පසාරු කළ ඊතල සලකුණු කල
සුන්දර නැවුම් බඳුන් ඔබට පෙනෙන්නට ඇති
ඉතා පරෙස්සමෙන් ලංව බැලුවොත්
හීසර පහර වැදී කුඩා කැබලි වලට කැඩී
ආයාසයෙන් නැවත අලවා ගත් බව කියන
පළුදු ලකුණු හඳුනා ගත හැකිය !

“බිඳුන කලක අමතක කල නොහැකිය සිතින්
බිඳෙන බඳුන් බිඳෙනතුරු සුරකින්න ආදරෙන්”
බඳුන් වල යටින් සිහින් අකුරෙන් ලියා ඇති.

මේ බිඳුන බඳුන් පිරි නුවරයි !

අතින් අත ගොස් බිඳී විසිරුණු පසුව
පැන් කළයක් ද, තවත් එක බිඳුන බඳුනකි !
දෝත් මුදුනේ තබාගෙන ගියත්, බිඳුනම
මලසුන් යට අඳුරු ගුහා වල තනිවෙති !
තනි තනිව කැබලි අලවාගන්න සිදුවෙති !

කීයටවත් බිඳෙන්නැති රන් රිදී බන්දේසි
පළුදු සඟවා ඉන්න බව ඔබට නොවැටහෙයි
යසසෙන් ඉසුරෙන් පුරවා පළුදු සඟවා සිටියත්
ඉරි තැලුම් කිසිදාක නොමැකෙයි.

කුමන බඳුනට එබී බැලුවත්
වරක් හෝ බිඳී ඇති බව පෙනෙයි !
නොබිඳුනු බඳුනක් වේ නම්
කොතැනක හෝ මෙහි
ඔබ හොඳින් පිරික්සා නැත.

  • MKCP ශෂීන්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan