වනජීවී දෙපාර්තමේන්තුව දඩ මුදල්වලින් ම විශාල ආදායමක් උපයලා!

Date:

වනජීවී දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී, විවිධ පුද්ගලයන් වනාන්තරයට සහ වනජීවීන්ට සිදුකරන හානි සදහා නඩු පැවරීම මගින් රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක් දඩ මුදල් වශයෙන් උපයාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම 2022 වසරේ නොවැම්බර් මාසය වනවිට වනජීවී දෙපාර්තමේන්තුව උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 1421ක් වන අතර, මින් වැඩි මුදලක් උපයා තිබෙන්නේ බලපත්‍ර ගාස්තු අය කිරීම මගින් බව ද සඳහන්.

ඉහත කරුණු අනාවරණය වී තිබෙන්නේ කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුව සමග සිදු කළ සාකච්ඡාවක් අතරතුරදී ය.

සාකච්ඡාව අමතමින් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ, මේ දිනවල විදේශීය සංචාරකයින් බහුල වශයෙන් නැවතත් මෙරටට පැමිණෙන බැවින් ජාතික වනෝද්‍යානවලට ඔවුන් පැමිණෙන අවස්ථාවල දී ප්‍රමාදයකින් තොරව ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා අතිරේක ප්‍රවේශපත් කවුළු විවෘත කරන ලෙසත්, එමඟින් සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ය.

තව ද, මෙම වසර තුළ යාල ජාතික වනෝද්‍යානය මෙන්ම විල්පත්තුව හා වස්ගමුව ජාතික වනෝද්‍යාන සඳහා විදේශ සංචාරක ආකර්ශනය දිනා ගැනීමේ වැඩසටහන් දියත් කරන ලෙස ද හෙතෙම වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...