ඉරානයේ යකඩ ගැහැණිය නාර්ගේස් මොහොමඩිට අමතර සිරදඬුවම් නියම කෙරේ

Date:

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 16

ලෝකය(අවුට්බවුන් ටුඩේ) : 2023 වසරේ ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව කළ සේවය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබූ නාර්ගේස් මොහොමඩි මහත්මියට ඉරාන විප්ලවවාදී අධිකරණය විසින් තවත් මාස 15කින් ඇගේ සිර දඬුවම් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ඇය මේ වන විටත්, ඉස්ලාමීය ජනරජයට එරෙහිව ප්‍රචාර පතුරුවා හැරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ලැබ දැනටමත් වසර 12 ක් තිස්සේ එවින් බන්ධනාගාරයේ සිරගතව සිට සිරදඬුවම් විඳිමින් සිටියි.

51 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නර්ගේස් මොහොමඩි දශක ගණනාවක් තිස්සේ ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් උද්ඝෝෂනය කරමින් 13 වතාවක් අත්අඩංගුවට පත්ව ඇති අතර වසර 31 ක සිරදඬුවම් වලට බඳුන්ව තිබේ.

මෙම නවතම නඩු විභාගයට ඇය පැමිණ නොසිටි අතර, ඇය නොමැති අවස්ථාවක ප්‍රකාශයට පත්කර ඇති අතර ඇගේ පවුලේ අය මේ සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් නව තීන්දුවට අනුව, මොහොමඩි මහත්මියට ටෙහෙරානයෙන් පිටත වසර දෙකක් පිටුවහල් කිරීමට නියෝග කර ඇති අතර කාලය අවසන් වීමෙන් පසු මොහොමඩි මහත්මියට වසර දෙකක විදේශ ගමන් තහනම් කරන බවත් දේශපාලන හා සමාජ කණ්ඩායම්වල සාමාජිකත්වය සහ එම කාලය තුළ ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම තහනම් කර තිබේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව...

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...