අදින් ඇරඹෙන IMF සාකච්ඡා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): අද (16) සිට දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල වශයෙන් සාකච්ඡා ආරම්භවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී.

විදුලිබල මණ්ඩලය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි ආයාතනවල නිලධාරීන් සමග 06 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

අමාත්‍යවරයා පැවසූවේ, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරගැනීමට අදාළව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඔවුන් පසුගිය දා ජනාධිපතිවරයා හමූ වී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අතර, මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන 19 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...