ශ්‍රී ලංකා ටෙලිකොම් ගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙලා!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත ආයෝජනය කිරීම සඳහා මේ වන විට ආයතන තුනක් සුදුසුකම් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම, ෆෝචූන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් සමාගම සහ පෙටිගෝ කොමසියො ඉන්ටර්නැෂනල් නමැති ආයතන තුන අදාළ සුදුසුකම් ප්‍රකාශ කිරීමේ ඉල්ලුම් පත් යොමු කර ඇත්තේ.

මෙයින් ඉන්දියානු ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යවසායක පවුලක් වන මුකේෂ් අම්බානි පවුලට අයත් රිලයන්ස් සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින්නක් වන අතර පෙටිගෝ කොමාෂියෝ ආයතනයේ හිමිකාරීත්වය දරන්නේ දැනට ස්වර්ණවාහිනිය ඇතුළු ETV මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය දරන අල්ලිරාජා සුබාෂ්කරන්ට හිමි ලයිකා මොබයිල් ව්‍යාපාරයයි.

උක්ත ආයතන තුන සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ඇගයීම් සිදු කිරීමට නියමිතයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ මෙම සමාගමේ රජය සතු කොටස් සඳහා ආයෝජනය කිරීමට සුදුසුකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය පසුගිය සිකුරාදා (12 ) අවසන් විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...