*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

විදේශීය E- COMMERCE සමාගම්වලින් ඩිජිටල් සේවා බද්දක් අය කිරීමට රජය සැරසෙයි!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 16,
කොළඹ (LNW): රජයට බදු නොගෙවා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යන Uber සහ Daraz වැනි විදේශීය E-වාණිජ්‍ය සමාගම්වලින් ඩිජිටල් සේවා බද්දක් අය කිරීම සඳහා නව බදු එකතු කිරීමේ ක්‍රමයක් සහ රෙගුලාසි හඳුන්වාදීමට නියමිත බව නිල ආරංචි මාර්ග අනාවරණය කරයි.

භාණ්ඩ හා සේවා අපනයන වැඩි කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රට තුළ උපයන අරමුදල් දේශීය බැංකු හරහා ක්‍රියාවට නැංවීම සහතික කෙරෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස මහ බැංකුවට උපදෙස් දී ඇත.

මීට අමතරව, මෙම ආයතන හා සම්බන්ධ පාරිභෝගික පැමිණිලි සඳහා ආයතනයක් නිර්මාණය කිරීමට ද මෙහිදී නිර්දේශ කෙරිණි.

පාර්ලිමේන්තු ආංශික කමිටු සාකච්ඡාවක දී ඇති වූ සාකච්ඡාවලට අනුව ‘gig economy’ ආර්ථිකයක් පාලනය කිරීමට සහ නව බදු ගැසීමට රජය නව රෙගුලාසි සම්පාදනය කරයි.

ගිග් ආර්ථිකයක් (gig economy) යනු තාවකාලික තනතුරු බහුලව දක්නට ලැබෙන නිදහස් වෙළඳපල පද්ධතියක් වන අතර සංවිධාන කෙටි කාලීන කැපවීම් සඳහා ස්වාධීන කම්කරුවන් බඳවා ගැනීමයි.

“ගිග් ආර්ථිකය” දැන් පුළුල් වෙමින් පවතින අතර ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වා දීමටත් නව ඩිජිටල් සේවා බද්දක් හඳුන්වා දීමටත් යෝජනා කළ බව, භාණ්ඩ හා සේවා අපනයනය වැඩි කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් නිකුත් කරන ලද නිවේදනයක අනාවරණය විය.



Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan